හෘදය වස්තුවේ සිදුරක සැත්කමක් සඳහා සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුලත් කල තම දියණිය මියගියේ රෝහල් කාර්ය මණ්ඩලයේ වරදින් බව ඇයගේ පියා වන උපුල් ප්‍රියන්ත මහතා පවසයි.
මෙලෙස මියගොස් තිබුනේ පන්නිපිටිය පැලැන්වත්ත හොරණ පාර පදිංචිව සිටි ආස්නා සෙනදි නමැති වයස අවුරුදු 3 යි මාස 3 ක් වයසැති සිඟිත්තියකි.
ඇය යසාරා රන්මිණි 29 හා උපුල් ප්‍රියන්ත 33 යන යුවළගේ දෙටු දියණියයි.
පියා පවසන්නේ තම දියණියගේ සෙම්ප්‍රතිශ්‍යාව රෝගී තත්ත්වයට වෛද්‍යවරුන් නිසි ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් තම දියණිය ට නිව් මෝනියා රෝගය වැළඳුන බවයි.
ඉකුත් ජනවාරි 8 වෙනි දින රිජ්වේ ආර්යා ළමා රෝල වෙත ඇතුළත් කර තිබූ තම දියණියට අංක 20 ඒ වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ බවත් රෝහලේදී කැස්ස සහ හෙම්බිරිස්සාව සෑදුණු නමුත් නිසි ප්‍රතිකාරයක් ලබා නුදුන් බවත් රෝහල් කාර්ය මණ්ඩලය එය ගණන් නොගත් බවත් දරුවාගේ පියා පවසයි.
තමන් ඒ පිළිබඳ වරින් වර පවසද්දී වෛද්‍යවරයෙක් ප්‍රතිකාර ලබා දුන්නද මඳක් සුවය ලැබූ තම දියණියට එම රෝගී තත්ත්වය උස්සන්න වූ බවත් ඉකුත් 21 වෙනිදින තම දියණියට එකපාරම කලාන්ත ගතියක් ඇතිවී අතක්ද අප්‍රාණික වි මී මැස්මොරය වැඩි වූ බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
එදින තම දියණියව දැඩි සත්කාර ඒකකයට යොමු කර තිබියදී පෙරේදා 24 රාත්‍රී මිය ගිය බව එම පියා වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක ජි. විජේසූරිය මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.
"දැරියගේ දෙමව්පියන් මේ දක්වා අවම වශයෙන් දුරකථනයෙන් වත් පැමිණිල්ලක් සිදු කරලා නැහැ. මේ දරුවට රෝහලින් ලබා දිය යුතු ප්‍රතිකාර ඉතා ඉහළින් උපරිම මට්ටමින් සිදු කරලා තියෙනවා.පැමිණිල්ලක් සිදු කළොත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් අනිවාර්යෙන් සිදු කරනවා"