පුනර්ජනනීය බලශක්තිය තුළින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දියජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (18දා) පස්වරුවේ සිදුවිය.
අක්කර 10.5ක ප්රමාණයක ඉදිකර ඇති මෙම සූර්ය විදුලි බලාගාරයෙන් වාර්ෂිකව නිවාස 7,500කට පමණ විදුලිය සැපයීමට අපේක්ෂා කෙරෙන අතර, වාර්ෂික කාබන් ඩයොක්සයිඩ් (CO₂) විමෝචනය මෙට්රික් ටොන් 6440කින් පමණ අවම කර ගැනීමටත්, වාර්ෂිකව ඩීසල් මගින් විදුලි උත්පාදනයට වැයවන විශාල මුදල් ප්රමාණයක් රටට ඉතිරි කර ගැනීමටත් මෙමඟින් හැකියාව ලැබේ.

