ගෙවීගිය දින හතක කාලය තුළදීවී අලෙවි මණ්ඩලය විසින් රජයේ සහතික මිලට වී මෙට්‍රික්ටොන් 25,000ක්මිලදී ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල්ද අල්විස් මහතා සඳහන් කළේය.
වී අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙන සෑම ප්‍රදේශයකම වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කර තිබෙනබවත්, අදාළ ගබඩාවලට වී රැගෙන එන ගොවීන්ට රජයේ සහතික මිලට අමතරව ප්‍රවාහන ගාස්තු ලෙස වී කිලෝවකට රුපියල් දෙකකමුදලක්ද ලබා දෙන බවත් ඔහු පවසා සිටියේය
මීට අමතරව ගොවි සංවිධාන හෝ ගොවීන් විසින් තම ප්‍රදේශයට පැමිණ වී මිලදීගන්නා ලෙස ඉල්ලීමක් කළහොත් ගොවීන් ළඟටම ගොස් වී මිලදී ගැනීමටද කටයුතු කරණ බවත් ඒ මහතා සඳහන් කළේය.
රජයේ සහතික මිලට වී මිලදී ගැනිමේදී ගොවිජනතාව මූලික කර ගනිමින් වී මිලදී ගන්නා අතර, ගොවීන්ගේ සම්පූර්ණ අස්වැන්නම මෙවර මිලදී ගන්නා බවත්, මීට අමතරව වෙනත් පුද්ගලයෙකුට වුවද වී අලෙවි මණ්ඩලයට වී ලබාදිය හැකි බවත් හෙතෙම පවසා සිටියේය.
රජයේ සහතික මිල යටතේ නාඩු කිලෝවක් රුපියල් 90 බැගින් මිලදී ගන්නා බවත්, ගබඩාවකට වී රැගෙනවිත් අලෙවි කිරීමට කටයුතුකළහොත් තවත් රුපියල් දෙකක්) ප්‍රවාහන ගාස්තු ලෙස ලබාදෙන බවත් නීල්ද අල්විස් මහතා සඳහන් කළේය.
මීට අමතරව සම්බා වී කිලෝවක් රුපියල් අනූ දෙක බැගින් මිලදී ගන්නා අතර,කීරි සම්බා වී කිලෝවක් රුපියල් 95 බැගින් මිලදී ගන්නා බවත්,එම වී දෙවර්ගයටමප්රවාහන ගාස්තු ලෙස රුපියල් දෙක බැගින් හිමි වන බවත්හෙතෙම පවසා සිටියේය.
