මේ වනවිට මෙරට පෙට්‍රල් පවතිනුයේ එක් දිනකට පමණක් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජාතිය අමතමින් ඔහු සඳහන් කරනුයේ ඊයේ පැවති ඩීසල් නෞකාව හේතුවෙන් ඩීසල් ප්‍රශ්නෙට යම් සහනයක් ලැබෙන බවත් ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මැයි 19 වැනිදා සිට ජූනි පලමු වෙනි දින තවත් ඩීසල් නෞකා දෙකක් සහ මැයි 18 වැනි දින සහ මැයි 29 වැනි දින වන විට තවත් පෙට්‍රල් නෞකා දෙකක් පැමිණීමට නියමිතව ඇති බවත් ඔහු පවසා සිටියි.
එමෙන්ම දින 40කට කාලයක පුරාවට ලංකාවේ මුහුදු සීමාවේ පෙට්‍රල් සහ බොරතෙල් මෙන්ම ගෑස් දැවිතෙල් නෞකා තුනක් නවතා තිබෙන බවත් එම නෞකා මුදා ගැනීමට විවෘත වෙලඳ පොලෙන් ඩොලර් ලබා ගැනීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදි පැවසීය.
එමෙන්ම විදුලි උත්පාදනය සඳහා ¼ක් යොදා ගන්නේ ඉන්ධන බවත් තව නොබෝ දිනකින් එය පැය 15ක් දක්වා ඉහල යා හැකි බවත් නමුත් මේ සඳහා අවශ්‍ය මුදල් සොයාගෙන ඇති බවත් යම් පමණකින් පාරිභෝගික ජනතාවට ගෑස් ලබා දීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ඉතා ඉක්මනින් සොයාගත යුතු බවත් අගමැතිවරයා මෙම විශේෂ ප්‍රකාශයේදි සඳහන් කර සිටියි.
එමෙන්ම භූමිතෙල් සහ දැවි තෙල් සම්බන්ධව තත්ත්වට ඉතා භයානක බවත් මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු මෙන්ම ලංකාවේ පවතින විදේශ බැංකු සියල්ලෙහි ඩොලර් නොමැති වීමෙන් ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවත් ඔහු පැවසීය.
මෙම කුමන අර්බුද හමුවේ වුවද ඊයේ (15) දින ඩීසල් නෞකාවක් මෙරටට රැගෙන ආ බවත් අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේය.