මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශිලාවතුර මුහුදු තීරයෙන් මසුන් ඇල්ලීමට ගොස් දින 4 ක් අතුරුදහන්ව සිටි ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ (27දා) සොයාගනු ලැබීය.
ශිලාවතුර කායාක්කුලි ප්‍රදේශයේ පදිංචි 19 සහ 23 හැවිරිදි වියේ වූ ධීවර තරුණයින් දෙදෙනෙකු පසුගිය 23 වනදා මසුන් ඇල්ලීම සඳහා ශිලාවතුර මුහුදු තීරයෙන් ගොස් ආපසු නොපැමිණීම හේතුවෙන් ඥාතීන් විසින් ඒ පිළිබඳව ශිලාවතුර පොලීසියට දැනුම් දී තිබුණි.
අනතුරුව පොලීසිය විසින් නාවික හමුදාවටද දැනුම් දී අතුරුදහන් වූ ධීවරයින් සෙවීම පසුගිය දින කිහිපය පුරා සිදුකරන ලද අතර එහිදී එම ධීවරයින් දෙදෙනා පුත්තලම කල්පිටිය මුහුදට නුදුරින් වූ මුහුදු තීරයේ ධීවර යාත්‍රාවේ පාවෙමින් සිටියදී නාවික හමුදා නිලධාරීන් විසින් බේරාගනු ලැබීය.
ධීවරයින් දෙදෙනා ශිලාවතුර මුහුදු තීරයෙන් ඔබ්බට මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවේදී ධීවර යාත්‍රාවේ ඇන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එය පණ ගැන්වීමට නොහැකි වී දින දෙකකට වැඩි කාලයක් මුහුදේ පාවෙමින් සිට ඇති බවට අදාල ධීවරයින් දෙදෙනා පැවසීය.
කෙසේ වෙතත් ධීවරයින් දෙදෙනා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන අතර ධීවරයින් බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්ලනාදන් මහතාද ධීවරයින්ගේ නිවසට ගොස් සුවදුක් විමසන ලදි.