දින 14ක සහන වීසා කාලයක්
මැදපෙරදිග රටවල්වලට පසුගිය පෙබරවාරි මස 28 දින සිට ගුවන්ගමන් අවලංගු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නොහැකි වූ මගීන් සඳහා නොමිලේ වීසා දීර්ඝ කර ගැනීමට දින 14ක කාලසීමාවක් ලබා දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
අවශ්‍ය තත්ත්වයන් තහවුරු කිරීමෙන් පසුව, එක් එක් අවස්ථාවට අනුව වීසා ලබා දෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ඒ අනුව වීසා දිගුව ලබාගැනීමට ඉල්ලුම් කරන මගීන්, ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් පිටත්වීමට නොහැකි වූ බව සනාථ කරන ලේඛන ඉදිරිපත් කළ යුතු වේ.
ඒ සඳහා ගුවන් ගමන් බලපත්‍රය , ගුවන් ගමන් අවලංගු කිරීමේ දැනුම්දීම්, හෝ ගුවන් සේවා සමාගම් නිකුත් කරන ලද තහවුරු කිරීමේ ලිපිය භාවිත කළ හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මෙම වීසා දිගුව ගුවන් තොටුපළ ආගමන කාර්යාලයෙන් පිටත්වීමේ අවස්ථාවේදී ලබාගත හැකි බව ද විකල්ප ගුවන් ගමන් සකස් කෙරෙන තෙක්, බලපත්‍රානුකූලව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අවස්ථාව සලසා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
