දින තුනක් පුරා අඛණ්ඩව පැවැති කොට්ටාව බොරැල්ල (174) හා කොට්ටාව , ගල්කිස්ස (255) පෞද්ගලික බස්රථ වර්ජනය අවසන් කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපති ප්රසන්න සංජීව මහතා පැවසීය .
වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත් පත් වූ මගී ජනතාවට ප්රවාහන සේවා සැපයීමට ශ්රී ලංගම බස් බස්රථ යෙදවීමට පියවර ගත් බවද සභාපතිවරයා වැඩිදුරටත් කීය.
බස් වර්ජනය ඉකුත් 19 දා උදෑසන ආරම්භ කර තිබූ අතර ඊට හේතු වී තිබුණේ පිළියන්දල සිට 255 බස් මාර්ගය හරහා පැමිණ 174 බස් මාර්ගය ඔස්සේ පිටකොටුව දක්වා සුඛෝපබෝගී බස් රථයක් ධාවනයට යෙදවීමයි
මේ සම්බන්ධයෙන් අදාළ බස්රථ සංගම් සමඟ සාකච්ඡා කිරීමේ දී ඔවුන් පවසා සිටියේ සුඛෝපභෝගී බස් රථය ඉවත් කරන තෙක් තම බස් රථ ධාවනය නොකරන බවයි.
එහෙත් නිසි ටෙන්ඩර් ක්රමවේදයට අනුව අදාල බස් රථය යොදවා තිබීම නිසා අත්තනෝමතික ලෙස ටෙන්ඩරය අහෝසි කිරීමට නොහැකි වීමෙන් දින තුනක් පුරා අදාල වර්ජනය ක්රියාත්මක වූ බවත් ඊට කොට්ටාව පිළියන්දල (342) හා කොට්ටාව පිළියන්දල (296) මාර්ග වල බස් රථ ධාවනයෙන් ඉවත්ව සහය දක්වා තිබුණි .
එහෙත් දින තුනක් පුරා පැවැති වර්ජනය අවසන් කොට 22 දා සිට අදාල බස් රථ ධාවනයට යොදවා ඇති බව සභාපති ප්රසන්න සංජීව මහතා පැවසීය.
ශාන්ත ප්රදීප් කුලරත්න