අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයින පුරා සිදුකිරීමට නියමිත විදුලි කප්පාදුව සඳහා මහජන
උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ. ලක්විජ විදුලි බලාගාරය අක්රීය වීම හේතුවෙන් මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
මෙහිදී කලාප 4කට බෙදා දිනකට පැයක කාලයක් විදුලි කප්පාදුව සවස 4.30 සිට රාත්රී 9 දක්වා වූ කාලය තුළ සිදුකිරීමට නියමිතය. එක් එක් කාණ්ඩයේ විදුලි සැපයුම විසන්ධි කරන සහ යළි යථා තත්ත්වයට පත් කරන වේලාවන් අදාළ කාල පරාසය තුළ මිනිත්තු 30ක පමණ කාලයක් වෙනස් විය හැකි බවද ජාතික පද්ධති ක්රියාකරු සමාගම පවසයි