මාවතගම පොලිස් බල ප්රදේශයේ පරගහදෙනිය ජාකඩුව මාර්ගයේ කුඹුරු යායක් අසල දමා ගිය දින කීපයක් වයස ඇති බිළිඳු දැරියක් පිළිබඳව මාවතගම පොලිසියට අද (17) උදැසන 7.00 පමණ ලැබුණු තොරතුරක් මත එම ස්ථානයට ගොස් දරුවා පොලිසියට රැුගෙන විත් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත භාර දුන් බව ප්රධාන පොලිස් පරීක්ෂක දසනායක මහතා පැවසීය.
එම දරුවා කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂ ළදරු ප්රතිකාර ඒකකයේ ප්රතිකාර ලබන බවත් දරුවා නිරෝගී සුවයෙන් සිටින බවත් කුරුණෑගල ශික්ෂන රෝහල කියයි.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මාවතගම පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඩබ්. එම්. පද්මසිරි මහතාගේ උපදෙස් මත කාන්තා පොලිස් පරීක්ෂක නිර්මලා මහත්මිය ඇතුළු කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරන ලබයි.
කුරුණෑගල ජනුර් කිචිලාන්
