දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මළ සිරුර තැන්පත් කරන තිබෙන බොරැල්ල සුසාන භූමියේ එම වල ආසන්නයට ගිනි අවි සහිත පොලිස් ආරක්ෂාව යෙදවූ බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.බොරැල්ල පොලිසියේ නිලධාරීන් සිව් දෙනෙකු ඒ සඳහා යොදවා ඇත.
ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩ ගැනීමට අවශ්‍යව ඇතැයි ඒ වෙනුවෙන් පත් කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් 18 වැනිදින ලිඛිතව ඉල්ලීමක් කළේය.
මරණයට අදාළව හේතුව නිර්ණය කිරීම සඳහා මරණකරුගේ දේහය ගොඩගෙන පරීක්ෂාවට ලක් කළ යුතුව ඇති බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මියගෙන් ඉල්ලා තිබිණි.
දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සීය දිවි හානිකර ගැනීමක් ද ? ඝාතනයක්ද? යන්න තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට ඉකුත් පෙබරවාරි 17 නියෝග නිකුත් කළේය.
ඒ අනුව ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය එළඹෙන බ්‍රහස්පතින්දා 25 ගොඩ ගැනීමට නියමිතව ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.