ජනජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනයට අදාළව පළමු වරට ඊයේ (19) ඔහුගේ බිරිඳගෙන් පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසීය.
ටානි ශාෆ්ටර් මහත්මියගෙන් එලෙස ප්‍රකාශ ලබාගෙන ඇත. සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා0ඊයේ 19 දින කැමරා අටක් පරික්ෂා කළ අතර මේ දක්වා කැමරා 50 ක දර්ශන පරීක්ෂණයට භාජනය කර ඇතැයි එම නිලධාරියා කීය
සුසාන භූමිය තුළට සභාපතිවරයා මෝටර් රථය තනිව පදවා ගෙන පැමිණ ඇති බව එමගින් තහවුරු වූ බව එම නිලධාරියා කීය.
ඊට අමතරව ඝාතනයට ලක් වූ සභාපතිවරයා පාවිච්චි කරන ලද ජංගම දුරකථනය සහ ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා පාවිච්චි කළ ජංගම දුරකතනය වෝහාරික පරීක්ෂණයක් සඳහා යොමුකර ඇතැයි ද සභාපතිවරයාගේ ජංගම දුරකථනයේ දත්ත විශාල සංඛ්‍යාවක් පවතින බැවින් එම පරීක්ෂණ වල යම් ප්‍රමාදයක් සිදු විය හැකි යැයි පොලිස් නිලධාරියා කීය.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට වනවිට පුද්ගලයන් 30 කට ආසන්න ප්‍රමාණයකින් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි ද පොලිසිය සඳහන් කළේය
අදාළ ඝාතනය සම්බන්ධයෙන් දැනට සැකයට භාජනය වී තිබෙන බ්‍රයන් තෝමස් ට අමතරව සමීප පුද්ගලයන් කීප දෙනකු සම්බන්ධයෙන් ද අවධානය යොමු වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය සහ බොරැල්ල පොලිසියේ ඒකාබද්ධව පරීක්ෂණ සිදුකරයි