ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටටර් මහතාගේ ඝාතන සිද්ධියට අදාළව ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් ප්‍රකාශ ලබාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත ඒ මහතා කැඳවීමෙන් අනතුරුව පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව එම නිලධාරියා කීය
චමුදිත සමරවික්‍රම මහතා දිනේෂ් ෆාශ්නර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවකට ගවේෂණශිලි මාධ්‍යවේදියෙකු බව කියන මෙන්ම ගුවන් හමුදාවේ හිටපු නිලධාරීයෙකු වන කීර්ති රත්නායක මහතා සමඟ විනාඩි 40ක පමණ සම්මුඛ සාකච්ඡාවක් සිදු කිරීම මූලික කරගෙන ඔහුගෙන් ප්‍රකාශ ලබා ගත් බව එම පොලිස් නිලධාරියා කීය.