“දිට්වා” සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වූ බදුල්ල දිස්ත්‍රික්කයේ මහා වාරි ව්‍යාපෘති හතරක් ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇත.
ඒ සඳහා රුපියල් ලක්ෂ 8020 ලැබී ඇති අතර ප්‍රතිසංස්කරණ කටයුතු මේ දින වල සිදු කෙරේ. ප්‍රතිසංස්කරණය කෙරෙන මහා වාරි ව්‍යාපාර හතර අතර සඳහා වැය කරන මුදල් ප්‍රමාණයන් මෙසේය.
උමාඇල රුපියල් ලක්ෂ 2,260,බදුලුඔය රුපියල් ලක්ෂ 3,240,තල්දෙන රුපියල් ලක්ෂ 1,220 සහ බත්මැඩිල්ල රුපියල් ලක්ෂ 1,300 ක් ලෙස මෙම මුදල් වෙන්කර ඇත.
ගෙවි ජනතාවගේ වගා කටයුතු අඩාල නොවනසේ වාරිමාර්ග දෙපාර්තුමේන්තුව මැදිහත්වී මෙම ව්‍යාපෘති කඩිනමින් තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර දියවර නිකුත් කිරීමට මීට පෙර පියවර ගෙන තිබූ අතර එම වාරි ව්‍යාපෘති ස්ථිර ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත.
මොනරාගල සුමනසිරි ගුණතිලක
