දිත්වා නිසා විදුලි පාරිභෝගිකයන් මිලියන 7න් 4කට බලපෑම් වුණා
රටේ විදුලි පද්ධතිය ස්ථාපනය කළ දා සිට මේ වන තුරු ස්වභාවික ආපදා තත්වයන් නිසා විදුලි යටිතල පහසුම්වලට සිදුවූ බරපතළම බිඳ වැටීම දිත්වා සුළි කුණාටුව නිසා සිදුවූ බවත් එහෙත් බිඳ වැටුණු සියළුම යටිතල පහසුකම් තිබුණට වඩා ඉහළින් හා ශක්තිමත්ව යලි ගොඩනැගීමට කටයුතු කරන බවත් බලශක්ති අමාත්‍ය බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවැසීය.
ශ්‍රී ලංකා හරිත ගොඩනැගීම් කවුන්සිලයේ (GBCSL) 15වෙනි සංවත්සරය සහ 14 වෙනි වාර්ෂික තිළිණ ප්රධානෝත්සවයේ (15th Anniversary Celebration and 14th Annual Green Building Awards Ceremony – www.srilankagbc.org) ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් ආරාධිත දේශනය පවත්වමින් ඔහ
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මේ අභියෝගයට අපි රජයක් හැටියට ශක්තිමත්ව මුුහුණ දෙනවා. රටේ විදුලි පාරිභෝගිකයන් මිලියන 07කින් මිලියන 04ක් පමණ මෙහි බලපෑමට ලක් වුණා. ඒත් ඉක්මණින් ක්‍රියාකාරී වී බිඳ වැටුණු විදුලිය සම්බන්ධතා යළි ලබාදෙන්න අපට පුළුවන් වුණා. රජයක් හැටියට ජනතාවට උපරිම සහන ලබාදෙන්නත් අපි ක්‍රියා කරලා තියෙනවා, යනුවෙන්ද ප්‍රකාශ කළේය.
ජාතික හරිත ගොඩනැගීම් කවුන්සිලය (GBCSL) ගොඩනැගීම්වලට අදාලව තිරසර පාරිසරික සුරක්ෂිතතාව හා සංවර්ධනය අරමුණු කරගත් සංවිධානයක් වන අතර, අද එම ක්ෂේත්රයට අදාළ විවිධ පුද්ගලයින්ට හා ආයතනවලට තිළිණ ලබා දීම සිදු කෙරිණි.
මෙම උත්සවයට අතිපූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි නාහිමි, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, ශ්‍රී ලංකා හරිත ගොඩනැගීම් කවුන්සිලයේ සභාපති ජයන්ත පෙරේරා මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

