පසුගිය වසරේ ඇතිවූ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් හානියට පත් කෘෂිකාර්මික බිම් සඳහා වගා වන්දි ලෙස ගොවිජන සංර්වධන දෙපාර්තමේන්තුව මගින් ගොවීන් 116,278 ක පූර්ණ හානියට පත් කුඹුරු අක්කර 148,000 ක් වෙනුවෙන් රු. මිලියන 8,888.5ක මුදලක් ගෙවා ඇත.
බඩ ඉරිඟු, එළවළු සහ අනෙකුත් ක්ෂේත්ර භෝග වෙනුවෙන් මහවැලි බල ප්රදේශ, පළාත් සහ අන්තර් පළාත් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ගොවි මහතුන් 85,747 වෙනුවෙන් රු. මිලියන 3,453 ක වන්දි මුදලක් මේ වන විටත් ගෙවා ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කරයි. ඒ අනුව දැනට සමස්ත ගොවියන් 202,025 ක් සදහා රු. මිලියන 12,341.5 ක මුදලක් ගෙවා ඇත.