දිට්වා නිසා ළමයි 275000ක් පීඩාවට
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත්ව ඇති මිලියන 1.4 ක ජනතාව අතර ළමුන් 275,000 කට වැඩි පිරිසක් සිටින බව පෙනී යන බවත් සන්නිවේදන කටයුතු අඩාල වීම සහ ප්‍රවේශ මාර්ග අවහිර වීම හේතුවෙන් සැබෑ සංඛ්‍යාව ඊටත් වඩා වැඩි විය හැකි බවත් යුනිසෙෆ් ආයතනය නිවේදනය කරයි.
නිවාස සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වලට සිදු වූ දැඩි හානිය, අත්‍යවශ්‍ය සේවාවන් කඩාකප්පල් වීම පුළුල් ලෙස අවතැන් වීමට හේතු වී ඇති අතර රෝග පැතිරීම, මන්දපෝෂණය, අනාරක්ෂිත ජීවන තත්වයන් සහ දරුවන් අතර දැඩි චිත්තවේගීය පීඩාවන් ඇතිවීමේ අවදානම වැඩි කරන බවද එම ආයතනය කියයි.
2022 ආර්ථික අර්බුදය ඇතුළු අඛණ්ඩ කම්පනවලින් තවමත් පීඩා විඳින ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමට ලක්විය හැකි ප්රජාවන්ගේ අරගල සුළි කුණාටුව ගැඹුරු කරනු ඇති බවද එම ආයතනය පවසයි. 2025 ලෝක බැංකු වාර්තාවකට අනුව, 2019 සිට දරිද්‍රතාවය දෙගුණයකට වඩා වැඩි වී ඇති අතර එය සියයට 11.3 සිට සියයට 24.5 දක්වා ඉහළ ගොස් තිබේ. මිලියන සංඛ්‍යාත පවුල් සඳහා, ජීවිතය දැරිය නොහැකි මට්ටමක පවතින අතර, මූලික අවශ්‍යතා වැඩි වැඩියෙන් ළඟා විය නොහැකි බව යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

