දිට්වා නිසා පීඩාවට පත් මධ්‍යම පළාතේ පුද්ගලයින් 91,479 ක් තවමත් අවතැන්
දිට්වා සුළි කුණාටුවට හසු වී පීඩාවට පත් මධ්‍යම පළාතේ පවුල් 26,900 ක පුද්ගලයින් 91,479 ක් තවමත් අවතැන් වී විවිධ ස්ථානවල රැඳී සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් තව දුරටත් පවසන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 2,507 ක පුද්ගලයින් 8,513 ක් මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 6,670 ක පුද්ගලයින් 23,083 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 17,723 ක පුද්ගලයින් 59,901 ක් මේ වන විට සිය ඥාතින්ගේ නිවෙස්වල, කුලී නිවාසවල හෝ වෙනත් ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින බවයි.
රජය විසින් පවත්වාගෙන ගිය සුරක්ෂිත මධ්‍යස්ථාන මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල මේ වන විට අවසන් කර ඇති නමුත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 17 ක පවුල් 383 ක පුද්ගලයින් 1,142 ක් රැඳී සිටින බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මධ්‍යම පළාතේ පුද්ගල මරණ 345 ක් සහ අතුරුදහන් වීම් 109 ක් වාර්තා වී ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. එම අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 243 ක් සහ අතුරුදහන්වීම් 69 ක් වාර්තා වී ඇති අතර මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 30 ක් සහ අතුරුදහන් වීම් අටක් වාර්තා වී තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 81 ක් සහ අතුරුදහන්වීම් 32 ක් වාර්තා වී තිබේ
මොහොමඩ් ආශික්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
