පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් ඇත්ත පවසයි නම් එය අමතක කිරීමට සූදානම් බවත් බුද්ධාගමේ පවසන දිට්ඨධම්මවේදනීය කර්මයෙන් ආරක්ෂා විමට ඇත්ත පිළිගන්නා ලෙසත් කොළඹ අගදරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ. ගනේමුල්ලේ පැවැති වැඩසටහනකදී උන්වහන්සේ මේ බව පැවැසූහ.
"හිටපු ජනපති මට පෞද්ගලිකම කිව්ව මේ ගැන (පාස්කු ප්රහාරය ගැන) විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වනවා කියලා. ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ආවට පසුවෙනිදා මට කෝල් කරලා කියනවා 'මම කොහොමද මේවා ඔක්කොම කරන්නේ' කියලා.
ඒ කියන්නේ එතුමට කරන්න බැරි නිර්දේශත් එතන තිබුණා කියන එක. එතනින් පස්සේ එතුමා ගැන මගේ තිබුණ සම්පූර්ණ විශ්වාසයයි, ප්රතිරූපයයි බිඳ වැටුණා.
සිරිසේන ජනාධිපතිතුමා නේද ආරක්ෂාව භාරව හිටපු පළමුවැනියා. ඇයි එයා ජනාධිපති මුක්තිය ඉල්ල ඉල්ලා හැංගෙන්න හදන්නේ. ඉස්සරහට ඇවිල්ලා කථා කරන්න, වෙච්ච දේ කියන්න.
අපි එතකොට පිළිගන්නම්, බොරු කියන්න එපා. අතපසුවීමක් වුණානම් කියන්න අපි ලෑස්තියි ඒක අමතක කරන්න. අනුකම්පා කරලා අහක බල්ල අපි සූදානම්. නමුත් ඒවා වැලි අස්සේ හංගලා සාන්තුවරයෝ වෙන්න හදන්න එපා.
බුද්ධාගමේ තියනවා දිට්ඨධම්මවේදනීය කර්මය කියලා. එකෙන් බේරෙන්න නම් ඇත්ත පිළිගන්න. අතපසුවීමක් වුණා කියලා කියන්න අපි ඒක පිළිගන්නම්. අත හෝදාගෙන වීරයෝ වෙන්න හිතනවානම් ඔබ වැරදියි. දිට්ඨධම්මවේදනිය කර්මය එනවා."