ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුව ජනතාවට දිගින් දිගටම චණ්ඩි පාට් දැමීමට ඉඩ ලබා දිය නොදෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (24දින) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා එහිදී වැඩිදුරටත් මෙලෙස අදහස් දක්වා සිටියේය.
"ආණ්ඩුව හෙණ ගහනවා වගේ බලෙන් බදු ගහලා. වෘත්තිකයෝ රට අතහැරල යන්නේ නැතුව ඉතුරු වෙලා ඉන්න වෘත්තිකයන්ටත් ඔවුන්ගේ ජීවිතය කඩාකප්පල් වෙනකොට යම්කිසි වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගන්න ඕන. ඔවුන්ගේ ඉල්ලීම වලට ඇහුම්කන් දීලා දෙන්න පුළුවන් විසඳුම් ටික ලබාදීලා ප්රශ්නය විසඳනවා වෙනුවට ලබන සතියේ තීන්දුවක් ගන්න ඕනේ, නැත්තම් හදිසි නීතිය යටතේ නීතියක් ගෙනල්ලා දේපල පවර ගන්නවා වගේ චණ්ඩි පාට් වලට ඉඩ දෙන්න බැහැ.
තව පැත්තකින් කියනවා අපි පාර්ලිමේන්තුවට මේ පනත දානවා මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීම් කරනවා කවුද ඡන්දේ දෙන්නේ කවුද නොදෙන්නේ බලමු කියනවා. එහෙම කියන්න කවුද එයා? ඡන්දෙකින් දිනපු මන්ත්‍රී කෙනෙක්ද? ඡන්දෙකින් ආපු ජනාධිපති කෙනෙක්ද? කොළඹ දිස්ත්‍රික්කයන් ඡන්ද විසි නව දාහක් ලැබුණේ නැහැ. දැන් අයි.එම්. එෆ්. ගිවිසුම පාර්ලිමේන්තුවට දානවා. එයා කිව්වට අපි ඡන්දය දෙන්නේ නැහැ."
ප්රශ්නය - පොහොට්ටු පක්ෂයේ සභාපති විදියට ස්වාමීන් වහන්සේ නමක් පත්කරගැනීම ගැන හිතන්නේ කුමක්ද?
සුදුසුම තීරණය අරගෙන තියෙනවා. මොකද ජාතිවාදී පක්ෂයකට මේ රටේ ජාතිවාදය ඇතිකරලා නයි පෙන්නලා පැණි පෙන්නලා ජාතිවාදය මවපු කට්ටිය සුදුසුම වැඩක් කරගෙන තියෙනවා. ඒක රටට ඔබිනවද නැද්ද කියන එක තවම තේරුම් ගන්න බැහැ.