දික්වැල්ල රත්මලේ කිරිනැලිකන්දේ කැලෑබද ප්රදේශයක තිබී රිවොල්වරයක් ජීව අත්බෝම්බයක් සහ ටී 56 ගිනිඅවිවලට යොදන ජීව උණ්ඩ තුනක් අද ( 26 ) පොලිස් විශේෂ කාර්ය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙි .
මෙම ගිනිඅවි කොල පැහැති බෑගයක දමා තිබියදී පොලීසියට හමුවී ඇත.විශේෂ කාර්ය බළකායේ තංගල්ල කඳවුරේ පොලිස් පරීක්ෂක එම්.එම්.කේ පීරිස් මහතා ඇතුලු කණ්ඩායමක් විසින් මෙම වැටලීම කර ඇත.මෙම ගිනිඅවිවල අයිතිකරුවෙකු මෙතෙක් හමුවී නොමැති අතර වැඩිදුර විමර්ශණ සඳහා මෙම ගිනිඅවි දික්වැල්ල පොලිසිය ට භාරදී තිබෙි .
අහංගම සුමතිපාල දීයගහගේ