දික්ඔය මුලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයක
ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් හැටන් දික්ඔය මුලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් විසින් (24) දින අසනිප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත විම නිසා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගින් රැසක් දැඩි අසිරුතාවයට පත්විය.
දික්ඔය මුලික රෝහලේ විවිධ අංශ වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් 80 දෙනෙකු පමණ (24) දින අසනිප නිවාඩු වාර්තා කර ඇත.
ප්‍රතිකාර ලබා ගැනිමට රෝහලට පැමිණ සිටි රෝගින්ව රෝහලේ ආරක්ෂක අංශ විසින් දැනුවත් කර ඇත්තේ මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ය සම්බන්ධයෙන් ප්රවෘත්ති නරඹා ප්‍රතිකාර ලබා ගැනිමට යලි පැමිණෙන ලෙසයි.
මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය (24 , 25 ) දිනයන්හි ක්‍රියාත්මක කරන බවත්, වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය,විකරණ අංශය ,බාහිර බෙහෙත් ශාලාව , සායන කටයුතු ,දන්ත සායනය, අක්ෂි සායනය, රුධිර බැංකුව , යන සේවා කටයුතු (24,25) දිනයන්හි සිදු නොකරන බවත්, හදිසි ප්‍රතිකාර පමණක් සිදු කිරිමට තම සේවකයන්ගේ සහයෝගය ලබාදෙන බවයි දික්ඔය මුලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු කියා සිටියේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

