එක්සත් ජාතික පාක්ෂිකයන් ලක්ෂ 20 ක් රනිල්ට හෝ සජිත්ට ජන්දය භාවිතා නොකළ බව නුවරඑලිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක සහ හිටපු අමාත්‍ය නවින් දිසානායක මහතා පැවසිය.
නවින් දිසානායක මහතා ඒ බැව් පැවසුවේ දිවන්ගත ගාමිණි දිසානායක මහතාගේ අදට (20දිනට) යෙදී තිබු 80 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් කොත්මලේ ජලාශයේ ඉදිරිපිටි පිහිටි ගාමිණි දිසානායක පිළිරුවට පුෂ්ප උපහාර දැක්විමෙන් අනතුරුව පැවති උත්සවයේදිය.
ගාමිණි දිසානායක පදනම මගින් මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබු අතර, එම උත්සවයට මහනුවර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පා.ම මයන්ත දිසානායක, මහ සංඝරත්නය, නුවරඑලිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයන් සහ ලංකා දිසානායක මහත්මියද සහභාගි වි සිටිහ.
“මම ස්භාවධර්මය විශ්වාස කරනවා. ඒ නිසා ස්භාවධර්මයෙන්ම මාව ගෙදර යැව්වා. නමුත් මගේ පුංචි මල්ලි තවම පාර්ලිමේන්තුවේ ඉන්නවා. මෙම කාලය අපිට හොද කාලයක් අපේ අඩුපාඩුකම් විශ්ලේෂණය කරන්න, සැලසුම් හදන්න.
මගේ ජිවිතේට මේ වගේ යුගයක් දැකලම නැ , මැතිනියගේ කාලයේ චිත්ත රෙද්ද ගන්න පෝලිම් තිබුණා. ඒකට දැන් ඩිසල්, ගෑස්, පෙට්‍රල් ගන්න පැය ගණන් පෝලිම් වල ඉන්න සිදුවෙලා, මාරම දුකක් ජනතාව විදින්නේ.
එක්සත් ජාතික පක්ෂය කියන විශාල පිගාන දැන් කඩලා තියෙන්නේ, දැන් මේක එකතු කරන්නේ කොහොමද? මේක එකතු කරන එක සෑහෙන්න අමාරු වැඩක්.
සමගි ජන බලවේගය තරග කරලා එක්සත් ජාතික පාක්ෂික ජන්ද 90% ගන්නවා, ඉතිරි 10% එක්සත් ජාතික පක්ෂය ලබා ගන්නවා , ඔය 10% න් බැරිද රාජපක්ෂලාගේ ජය පැරදුම තිරණය කරන්න?
ඒ නිසා අපි හදිස්සි වෙන්න හොද නැ, පොඩ්ඩක් ඉවසලා ස්භාවදහමට ඉඩ දෙමු. අපේ සහෝදරකම් තියාගමු. අද වන විට අපිට විරුද්ධව කටයුතු කල ජනතාව නැවත අලුතින් හිතනවා. මොකද ඒ අයට මාතෘභුමිය අවශ්‍යයි. මාතෘභුමිය කියන්නේ දේශපාලනය නෙවෙයි, දරුවන්ට රටක් ඉතිරි වෙන්න ඕනි.
තරුණ පරම්පරාව දහස් ගණන් රට අතහැරලා යනවා, පාස්පොට් ගන්න දවසට දහසක් දෙදහසක් එනවා. මම කණගාටු වෙනවා අපි එක්සත් ජාතික පක්ෂය විදිහට අපගේ කාර්ය භාරය ඉටු කරලා නෑ. අපිට විශාල කාර්ය භාරයක් තියෙනවා විපක්ෂයක් හැටියට ජනතාවගේ හඩ නංවන්න.
මම හිතන්නේ නෑ අපි ඒක කරනවා කියලා. අපි අතරමං වෙලා, අපි හිතනවා අපි කොහේටද යන්නේ කියලා? අපේ නායකයා කවුද කියලා? සියළු දේටම නායකත්වයක් අවශ්‍යයි.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියට ඇවිල්ලා උද්ඝෝෂණ කරා කියලා ආණ්ඩු වෙනස් වෙන්නේ නෑ. මගේ පියා මට හැමවෙලාවෙම කිව්වේ අරගලයක් කරලා තමයි ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් කියලා.
ඒ නිසා අපි ජනතාව සමග එකතු වෙලා අරගල කරන්න අවශ්‍යයි. මටත් පොඩි විරාමයක් ජනතාව දුන්නා ඒකට කිසිදු සිත් තැවුලක් නෑ. දැන් ආපසු ගේම් එකට බහිමු. ජනතාව මට ජන්දය ලබාදුන්නේ නෑ කියලා මගේ අමනාපයක් නෑ , ඒක ජනතා අයිතිය.
නමුත් එකක් මතක තියා ගන්න එක්සත් ජාතික පාක්ෂිකයන් ලක්ෂ 20 ක් ජන්දපොළට ගියේ නෑ කියලා. රනිල්ට ජන්දය දුන්නෙත් නෑ, සජිත්ට ජන්දය දුන්නෙත් නෑ. ගෙදරට වෙලා හිටියා.
ඒ නිසා අපි පළමුව කරන්න ඕනි ඒ ජන්ද ලක්ෂ 20 ආපසු ලබා ගන්න එම ජන්ද ලක්ෂ 20 ආපසු ජන්දය ලබාදෙන්නේ නැතුව ගෙදර හිටියොත් වෙන්නේ ආපසු රාජපක්ෂලා ජයගන්න එක. ඒ නිසා අපි ජනතාව වෙනුවෙන් අරගල කරනවා ඒ ගැන කිසිදු සැකයක් නෑ”

