බොහෝ පිරිස් අදහස් දෙන්න ඉන්නවා .ගෝනි ගණන් අදහස් දෙයි.හැබැයි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ප්‍රතිඵල පෙන්නන්නෙ බොහොම ටික දෙනායි .අපේ රටට දැන් අවශ්‍ය අදහස් යෝජනා නෙමෙයි ඒව ක්‍රියාත්මක කර ප්‍රතිඵල පෙන්වන පිරිසයි.මං හැම දෙනාගෙන්ම ඉල්ලනවා අපි දැන් ක්‍රියාත්මක වෙමු ප්‍රතිඵල පෙන්වමු යි අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා(04දා) පොළොන්නරුවේදී පැවති යොවුන් වගා සංග්‍රාමයට එක්වූ අවස්ථාවේදීය.
එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද අදහස් දැක්වීය.
තරුණයෝ එකතුවෙලා වගා සංග්‍රාමය ආරම්භ කළා.ජාතිය ගොඩනඟන විශාල ව්‍යාපෘතියක් ලෙස මෙම වගා සංග්‍රාමය ඉදිරියට ගෙනියනවා.ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයත්, වාරිමාර්ග අමාත්‍යාංශයත්, තරුණ සේවා සභාව හා යෞවන සමාජ සම්මේලනය සමග එක්ව රටේ තරුණ දූ දරුවන්ගේ එකතුවෙන් මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා .දැනටමත් ඔවුන් විශාල පිරිසක් ඉතාම උනන්දුවෙන් අපිත් එක්ක එකතුවෙලා කටයුතු කරනවා.
සහල්වල හිඟයක් තියෙනවා කිය කිය ඉන්නෙ නැතුව මඤ්ඤොක්කා, බතල ටිකක්, එළවළු ටිකක් වගා කරගන්නවා නම් අපිට අවශ්‍ය ආහාර ලබාගන්න පුළුවන්.
එහෙම වුණොත් රටේ කිසිම පුරවැසියෙකුට ආහාර හිඟයකට මුහුණදෙන්න වෙන්නේ නෑ අපිට ඒ අභියෝගය ජයගත හැකියි.ඒ සදහා අපි සියලුදෙනාම එක්ව මෙම අභියෝගය ජය ගත යුතුයි.
