ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේද සිටින බවත්, ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මේ වනවිට පක්ෂයේ නීතිඥවරුන්ගෙන් විමසීමක් සිදු කර ඇති බවත් එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
එම ක්‍රියාමාර්ග තීරණය කරන තෙක් අදාළ ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් හෙළි නොකරන බවද %අද^ පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා,
"අපේ පක්ෂයෙත් ද්විත්ව පුරවැසියන් ඉන්නවා. අපි ඒ සම්බන්ධයෙන් නීතිය අනුව කටයුතු කරන නිසා ඒ මන්ත්‍රීවරුන් කවුද කියලා හෙළි කරන්නේ නෑ. අපි ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරනවා. ඉතින් අපි මේ සම්බන්ධයෙන් අපේ නීතිඥයන් සමග සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා" යනුවෙන් පැවසීය.