ද්විත්ව පුරවැසිභාවය තමන්ට ප්‍රශ්නයක් නොවන බවත් තමන් ශ්‍රී ලාංකිකයෙකු බවත් එම නිසා ඒ පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද (29දා) කිරින්දේ සිට දකුණු ප්‍රදේශයේ පවතින්නාවූ ධීවර වරායන්වල ප්‍රශ්න විසඳීමට යෙදුණු සංචාරයකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියේය.
මෙහිදී කිරින්ද ධීවර වරායට බරපතළ ලෙස බලපාන වැලිකඳු ඉවත් කිරීම මසක් ඇතුලත අවසාන කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ පිළිබඳව ගත යුතු නිසි පියවරයන් ගැනීමට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුලූ ධීවර වරාය සංස්ථාවේ සාමාන්‍යධිකාරී මුදලිගේ මහතා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙහිදී ධීවරයින් නැගූ ප්‍රධානතම ගැටලුව වන්නේ තමන්ට වැලිකඳු නිසා තමන්ගේ යාත්‍රා දියඹට ගෙන යාමට නොහැකි වීමයි.මෙම ධීවර වරාය ආරම්භ කළ දා සිට මෙම ප්රශ්නය තිබෙන බවත් විශාල වැලි කඳුවලින් ධීවර වරාය යටවී තිබෙන බවද පෙන්වාදුන් ධීවරයන් මෙය ඉවත් කර දෙන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ පිළිබඳ දැඩි ලෙස අවධානය යොමු කළ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මෙම ලබන සදුදා සිටම එය ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රකාශ කළ අතර මසක් ඇතුළත දී එය අවසාන කොට ධීවරයින්ට යහපත් ලෙස මුහුදු යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
තවද ඒ ක්‍රියාත්මක වීම පිළිබඳව තමන් දැඩි ලෙස අවධානයෙන් සිටින බවද පැවසූ අමාත්‍යවරයා ඉන්ධන ප්රශ්නය දැනට ධීවරයින්ට එතරම් බරපතළ ප්‍රශ්නයක් නොවන බවත් ප්‍රකාශ කළේය.
මෙහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයක් වන්නේ මෙම කිරින්ද වරාය ඇරඹුන දා සිට පැමිණි ධීවර අමාත්‍යවරුන් යාල වනෝද්‍යානයේ සංචාරය කොට ධීවර වරාය නිකම් නරඹා යන බවත් ධීවරයින්ගේ ප්‍රශ්නයට තවමත් විසඳුමක් නොදුන් බවයි.මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමන් ජීවිතයේ කිසි දිනක මෙහි සංචාරයක යෙදී නැති බවත් තමන් දැනට දකුණේ ධීවර වරායන් නිරීක්ෂණය කළ අතර ඒවායේ ප්‍රශ්න විසඳීම සඳහා නැවත පැමිණෙන බවද ප්‍රකාශ කළේය