රටට ආයෝජන ගේන්න, ව්‍යාපාර දියුණු කරන, රටට තාක්ෂණික උපදෙස් දෙන්න ජනතාවට ද්විත්ව පුරවැසිකම ලබාදීම ගැටලුවක් නොවන නමුත් මහජනයාගේ ස්වෛරී බලය පාවිච්චි කිරීම සඳහා ද්විත්ව පුරවැසියෙකුට බලය ලබාදීම කිසිසේත්ම නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ මහතා මේ පිළිබඳව පවසා සිටියේ සම්මත වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මාධ්‍ය හමුවකදී අදහස් පළකරමිනි.
" රට ඉදිරියට ගෙනියන්න ජනාධිපතිවරයාට අසීමාන්තික බලතල අවශ්‍ය බව කරළියට ඇවිල්ලා 2022දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට 20 සංශෝධනය හරහා නැවත 1978 තිබුණා වගේම, අසීමාන්තික බලතල පවරා දීමක් කළා. නමුත් පාර්ලිමේන්තුවේ 2/3 බලය තිබීම නිසා ඔහු ගත වැරදි මුල්‍ය තීරණ විසින් රට බංකොලොත් තත්වයට පරිවර්තනය වුණා.
ඒක නිසා නැවත වතාවක් අධිකරණයේ, පොලිස් සේවයේ, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය පිහිටුවන්න 21ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. මේ තත්වය තුළ ඇතැමෙකුට කියන්න පුළුවන් 19 සංශෝධනය තිබුනට වඩා ජනාධිපතිවරයාට බලතල ලැබිලා තියෙනවයි කියලා. ඒකට හේතුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගැන නීතිමය තර්ක ගේන්න පුළුවන් වුණත් ඒක තමයි දැනට පවතින තත්වය.
ඒ වගේම ඉතාමත්ම අත්තනෝමතික විදියට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ක්‍රියාකරන්න පටන්ගත්තා ද්විත්ව පුරවැසි ප්රශ්නය පිළිබඳව. දැනට වාර්තා වෙලා තියෙනවා 10 දෙනෙක් ඉන්නවා කියලා. දැන් ඒ ද්විත්ව පුරවැසිභාවය දරණ සියලු දෙනාම නම්බුකාර පිටින් ඉල්ලා අස්විය යුතුයි. මිනිස්සුන්ට ලංකාවේ ද්විත්ව පුරවැසිකම දුන්නට කමක් නැහැ. රටට ආයෝජන ගේන්න, ව්‍යාපාර දියුණු කරන, රටට තාක්ෂණික උපදෙස් දෙන්න, හැබැයි මහජනයාගේ ස්වෛරී බලය පාවිච්චි කරන දේවල් වලට කිසිසේත්ම ඉඩ දිය යුතු නැහැ."