මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ දෙවැනි ධූර කාලය ඊයේ (07) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූවායින් පසු ඉදිරි මාස තුනක කාලයේ වැඩ බැලීම සඳහා හිටපු දියවඩන නිලමේ වරයාම පත් කොට තිබේ.
මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ගේ නිර්දේශ මත බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා විසින් එම පත්කිරීම සිදුකොට තිබේ.
නව දියවඩන නිලමේවරයකු පත්කර ගැනීම සඳහා වූ ඡන්දය දෙසැම්බර් මස 07 වන දිනට පෙර නැවැත්විය යුතුව ඇති අතර එය බොහෝ විට නොවැම්බර් මාසය අවසානයේදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාගේ අධීක්ෂණය මත පැවැත්වෙනු ඇති බව සඳහන්ය.
මෙම නිලවරණය සඳහා හිටපු දියවඩන නිලමේ නිලංග දෑල මහතාද ඉදිරිපත් වන බව දැනුම් දී ඇති අතර නම් ඒකෙන් ඔහු මෙවර නිලවරණයෙන් ද කළහොත් ඉතිහාසයේ වැඩිම කාලයක් දියවඩන නිලමේ තනතුර දැරූ පුද්ගලයා ලෙස ඉතිහාසගත වනු ඇති.
මෙවර නිලවරණය සඳහා නාථ දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක මහතා ද කතරගම දේවාලයේ බස්නායක නිලමේ දුමින්ද බණ්ඩාර උඩුරාවන මහතාද ඉදිරිපත් වන බවට සම්ප්‍රදානුකූලව මල්වතු අසිරි මහනාහිමි වරුන්ට දැහැත් දී තිබේ.