දහ අට කෝටියක හෂීස් සමග කැනඩා ශිෂ්‍යයා අත්අඩංගවට
රුපියල් දහ අට කෝටි විසිපන් ලක්ෂයක් වටිනා " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත '' ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු 10/28 දින අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු 21 හැවිරිදි කැනඩා ජාතික උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෙකි. ඔහු 10/28 දින අලුයම 12.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලෙහි ප්‍රධාන පොලිතීන් ඇසුරුම් 06 ක් තුළ ඇසුරුම් 72 ක් ලෙස මෙම "හෂීෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18 යි ග්‍රෑම් 253 ක ප්‍රමාණයක් සකස් කර සගවා ගෙන තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් කැනඩා ජාතිකයා සහ " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

