දහමින් සැනසුන මිනිස්සු කුඩුවලින් වැනසෙනවා
දහමින් සැනසෙන මිනිසුන් එදා සිටියත් අද සිටින්නේ කුඩුවලින් වැනසෙන මිනිසුන් බව අස්ගිරි පාර්ශවයේ අනු නායක අති පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් කීහ. අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල පිහිටි දීගල මානාගල මහා විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයකට සහභාගි වී එහි ප්‍රධාන අනුශාසනාව පවත්වමින් උන් වහන්සේ එසේ කීහ.
මානාගල මහා විහාරස්ථානයේ ඉදි කළ ශ්‍රී ලංකා චීන සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය විවෘත කිරීම, මීටර් 88 කින් සමහන්විත සමාධි බුද්ධ ප්‍රතිමාව සහ මීටර් 18 කින් සමන්විත බෝසත් පිළිරුව ඉදි කිරිම සඳහා මංගල පස් පිඩැල්ල කැපීම යන උත්සව අවස්ථාවන්ට සහභාගි වීමෙන් අනතුරුව මෙම උත්සවය පැවැත්විණ.
මානාගල මහා විහාරාධිපති චීනයේ බීජිං විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය පරණගම ඥාණවිමල හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම ආගමික උත්සවයන් පැවැත්විණ.
මෙහි දී තව දුරටත් අනුශාසනාව පැවැත්වූ උන් වහන්සේ මෙසේද කීහ.
“ එදා හිටියේ දහමින් සැනසෙන මිනිස්සු. අද සිටින්නේ කුඩුවලින් වැනසෙන මිනිස්සු.එදා සිටියේ ධර්මය අනුව කටයුතු කරල තමන්ගේ ජීවිතය හදා ගත්ත මිනිස්සු. අද ඉන්නේ බලාපොරොත්තු රැසක් ගොඩ නඟා ගෙන අරමුණු කරා යන පිරිස. එදා බෝසත් සමාජයකට අපි හුරුවෙලා හිටියේ. අද පෝසත් සමාජයක් කරා ජනතාව යොමු වෙලා තියෙනවා
.එදා ළමයින් බුදු දහම ඉගෙන ගත්තේ ජීවිතය සමත් වීමට. අද ළමයි බුදු දහම ඉගෙන ගන්නේ විභාග සමත් වීමට. එදා අපේ ජීවිත සරල ජීවිත බවට පත් වෙලා තිබුණා. අද පැය 24 ත් මදි තරමට අපේ ජීවිත සංකීර්ණ වෙලා. එදා අපි දමනය වුන මිනිස්සු අද අපි රමණය වන මිනිස්සු. එදා සැනසීමේ හිටිය මිනිස්සු අද සුපෝඛභෝගි ජීවිත ගත කරන මිනිස්සු. අද හැමෝම සැනසීම හොයනවා නමුත් කිසි සැනසිල්ලක් නෑ ඒක මම හොඳාකාරව දන්නවා.
චීනය සහ ලංකාව අතර පවතින මිත්‍රත්වය සුවිශේෂයි. එය අවුරුදු 1625 කට එහා ගිය සම්බන්ධතාවයක්. මේ අවුරුදු 1600 ක කාලය තුලම චීනය සහ ලංකාව අතර අමනාපකම් ඇති වුනේ නෑ. අවුරුදු 1625 කට පෙර පාහියන් හාමුදුරුවන්ගේ පැමිණිමයි. දේශපාලනික වශයෙන් වසර 60 ක් 65 කට ක් පමණ පෙර තමයි චීනය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ ගිවිසුම් ඇති වෙලා තියෙන්නේ. චීනයෙන් අපට ලැබුණ ලොකුම තෑග්ග තමයි බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාව. චීනය සහ ශ්‍රී ලංකාව පවතින්නේ දීර්ග කාලීන සබඳතාවයට මේවා හොඳ උදාහරණ බවත් උන් වහන්සේ මෙසේ කීහ.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති කිඉ සෙන්හොංග් මහතා අදහස් දක්වමින් මෙසේ කිය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින්නේ දීර්ග කාලීන සබ ඳතාවයක්.මෙම විහාරස්ථානයේ විවෘත කර ඇති සංස්කෘතික මධ්‍යස්ථානය හුදෙක් ගොඩනැගිල්ලක් පමණක් නොව ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින බෞද්ධ මිත්‍රත්වය පෙන්නුම් කරන ඉතාමත් වැදගත් සංකේතයක්. චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය ඇති කරන පධාන මාධ්‍ය වෙන්නේ බුදු දහමයි.මුල් කාලයේ දීනය සහ ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය විශාල කැපකිරීම් කරල තියෙනවා. අප එය තව දුරටත් රැක ගත යුතු බවත් චීන තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම අවස්ථාවය මහා සංඝරත්නය ඇතුළුව, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක්ද එක්ව සිටියහ.
මොහොමඩ් ආශික්


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

