දහම් අධ්‍යාපනය ලබන දරුවන්ගේ ප්‍රමාණය අඩුවෙලා
මෙරට දහම්පාසල්වල දහම් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ගේ සංඛ්‍යාව පසුගිය වසර පහක (2021 -2025) කාලය තුලදි සැලකිය යුතු අයුරින් අඩුවි ඇති බැව් බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති 2025 වර්ෂයට අදාළ ප්‍රගති වාර්තාවේ දත්ත විශ්ලේෂණය කිරිමේ දි අනාවරණය වේ.
මෙරට දහම්පාසල් යටතේ 2021 වර්ෂයේ දි සිසු දරු දැරියන් විසිදෙලක්ෂ,අසුහත්දහස්,පන්සියඅසුපස් දෙනෙකු (2,287,585) දහම් අධ්‍යාපනය ලබා තිබුණි.එහෙත් 2025 වර්ෂය වන විට දහම් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ගේ සංඛ්‍යාව දාසයලක්ෂ,හතලිස්හත්දහස්,එකසියහැටහය දක්වා (1,647,166) සිසු දරු දැරියන් හයලක්ෂ,හතලිස්දහස් හාරසියදහනමයකින් අඩුවි ඇත. (640,419)
එමෙන්ම 2022 වර්ෂයේ සිසු දරු දැරියන් 2,191,101ක්,2023 වර්ෂයේ සිසු දරු දැරියන් 2,048,460ක් සහ 2024 වර්ෂය තුල සිසු දරු දැරියන් 1,816,526ක් මෙරට දහම්පාසල්වල දහම් අධ්‍යාපනය ලබා තිබුණි.
2025 වර්ෂයේ මෙරට දිස්ත්‍රික්ක 23ක ලියාපදිංචි දහම්පාසල් සංඛ්‍යාව 10,810ක් වන අතර ඉන් ක්‍රියාත්මක දහම්පාසල් සංඛ්‍යාව 10,204කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

