ඉදිරියේ දී කර්මාන්ත සදහා රට තුළ විශාල වටිනාකමක් නිර්මාණය කිරීමට වග බලා ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
පාසල්, සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල නිමි ඇදුම් සැපයීමේ වැඩි වගකීම දේශීය නිෂ්පාදකයන්ට භාර කරන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.
නව්‍යකරණය වූ දේශීය රෙදි පිළි හා බතික් කලාව බිහි වනු ඇති බවටද අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ දිවයින පුරා ස්ථාපිත බතික් සහ දේශීය ඇගලුම් පුහුණු මධ්‍යස්ථාන 160 ක් විවෘත කරමිනුයි.
අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සංකේතාත්මකව එය සිදු කෙරුණා.
බතික් අත්යන්ත්‍ර රෙදි පිළි හා ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුලු පිරිසකගේ සහභාගිත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්වුණේ අරලියගහ මන්දිරයේ දී යි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය ආයතනවලට අවශ්‍ය බතික් ඇතුලු දේශීය රෙදිපිළි අදාළ ආයතනය පිහිටි පළාතේ දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලට ගැනීමේ යාන්ත්‍රණයක් දැනටමත් හදුන්වා දී ඇති බවද පැවසීය.