දේශපාලනඥයින්ට එරෙහිව වු සරසවි විරෝධය
සබරගමු විශ්ව විද්‍යාලයට අනුබද්ධව කුරුවිට බටුහේනේ ස්ථාපිත කළ වෛද්‍ය පීඨය විවෘත කිරීම දේශපාලනඥයින් සම්බන්ධ කර ගැනීමට විරෝධය පළකරමින් එම විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය අද (16) දහවල් පැයක කාලයක් බලන්ගොඩ පඹහින්නේ පිහිටි විශ්ව විද්‍යාල ගේට්ටුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන මැතිඇමතිවරුන් අතින් හෙට (17) පෙරවරුවේ සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විවෘත වීමට නියමිතය.
සබරගමු විශ්ව විද්‍යාලය වෛද්‍ය පීඨයක් ලැබුණෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සහ ජනතාවගේ අරගලයක ප්‍රතිඵලයක් ලෙස බව විරෝධතාව මෙහෙය වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිස්සංග ගමගේ ශිෂ්‍යයා පැවසුවේය. දේශපාලකයන් ගෙන්වා මාධ්‍ය සංදර්ශන පවත්වා එය ලබාගත්තේ තමන්ගේ මැදිහත්වීමෙන් බවට උපකුලපතිවරයා ලෝකයට පෙන්න්න උත්සාහ කරන බව ද කීවේය. මෙම විරෝධය පවත්වන්නේ උපකුලපතිවරයාගේ එම උත්සාහයට මිස වෛද්‍ය පීඨයට එරෙහිව නොවන බව ද ඔහු කීවේය.
විවිධ පාඨ කියමින් පැයක පමණ කාලයක් විරෝධතාව පැවැත්විණි.



popular news
- 
                            ටි ඉන්දික Wednesday, 16 January 2019 11:58 PM කිසිදු ජනතා අරගලයක් කළ නිසා නෙවේ රජය මේ සඳහා සැලසුම් කර තිබුණා කාලයක පටන්, රජය කියන්නේ දේශපානයත් ඇතුළත් ඔය කියන බලු සිංහයෝ නෙවෙයි ඕවා පාස් කලේ දේශපාලඥයේ..ඇමති කෙනෙක් ඕකට මේ කාලේ මුදල් වියම් කලේ නැත්නම් කවුද හදන්නේ අන්තරේ මී මින්නෝද Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                