දෙවැනි එක්දින තරගයේ ජය පාකිස්තානයට
ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 67කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
පාකිස්තාන කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 305/7ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායම රැස්කළ හැකිවූයේ ලකුණු 238/10ක් පමණි.
පාකිස්තානය වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 115ක් රැස්කළේය. ශ්රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් වනිඳු හසරංග කඩුලු 2ක් දවාගත්තේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායමේ මුල්පෙළේ පිතිකරුවන් සියල්ලන්ම දැවී යද්දී ශෙහාන් ජයයූරිය ලකුණු 96ක් හා දසුන් ශානක ලකුණු 68ක් රැස්කරමින් පිත්තෙන් දක්ෂතා දැක්වූහ.
අසිත ප්රනාන්දු 0, සදීර සමරවික්රම 6, ඕෂධ ප්රනාන්දු 1, ළහිරු තිරිමාන්න 0, ඉසුරු උදාන 1, ළහිරු කුමාර 1, ලෙස ශ්රී ලංකා පිතිකරුවන් දැවී ගියහ.
පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ උස්මාන් ශින්වාරි කඩුලු පහක් දවා ගත්තේය.
තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු අතර ඒ අනුව 1-0ක් ලෙස පාකිස්තානය මේ වන විට තරගාවලියේ ඉදිරියෙන් පසුවෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

