දෙවැනි එක්දින තරගයේ ජයත් දකුණු අප්රිකාවට
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්රිකා කණ්ඩායම හා පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 113ක පහසු ජයක් වාර්තා කිරිමට සත්කාරක දකුණු අප්රිකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමටද දකුණු අප්රිකාව සමත්විය.
සෙන්චූරියන්හි දිවා රාත්රී තරගයක් ලෙසින් පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක ලසිත් මාලිංග මුලින්ම පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව දකුණු අප්රිකාව පන්දුවා 45.1කදී ලකුණු 251කට සීමා කිරිමට ශ්රී ලංකා පන්දු යවන්නො සමත්වූහ. නායක ලසිත් මාලිංග හා ධනංජයද සිල්වා කඩුලු දෙකක් දවා ගත් අතර තිසර පෙරේරා කඩුලු තුනක් දවා ගත්තේය.
දකුණු අප්රිකාව වෙනුවෙන් ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් ලකුණු 94ක් රැස්කිරීමට සමත්විය. නායක ඩුප්ලෙසි ලකුණු 57ක් රැස්කළේය.
ලකුණු 252ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවා 32.2කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 138ක් පමණි. ඕෂධ ප්රනාන්දු ලකුණු 31ක් රැස්කළේය. කාගිසෝ රබාඩා කඩුලු තුනක් දවා ගැනීමට සමත්වූයේය.

popular news
-
Champa Thursday, 07 March 2019 04:24 PM
මෙතන තියෙන්නේ ක්රීඩා කරන්න බැරි කම නෙමේ. මාලිංග විරෝධය. මාලිංගව නායකත්වයෙන් අයින් කරන්න ක්රිකට් ලොක්කන්ට සහ සමහර ක්රීඩකයන්ට ඕනේ. ඒ හින්ද උවමනාවෙන් පරදිනවා. මැච් එක ගහන දිහා බලපුවහම ඕනේ කෙනෙකුට තේරෙනවා අරමුණ මොකක්ද කියලා.
Reply : 0 0
Champa Thursday, 07 March 2019 04:25 PM
අනික බුකි කාරයෝ ආයේ බැහැල වැඩ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

