දලයි ලාමා තුමා ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට පැමිණීම චීනය විරෝධය දක්වන බව චීන නියෝජිත පිරිසක් මල්වතු මහා නායක හිමියන්ට ප්‍රකාශ කළේය. දලයා ලාමා තුමා ලංකාවට හෝ වෙනත් රටක් පැමිණීමට විරෝධය ප්‍රකාශ කරන්නේ උන්වහන්සේ ආගමික ලෙස වෙස්වලාගෙන චීන විරෝධී බෙදුම්වාදී ක්‍රියාකාරකම්වල නිරත වන බවයි.
එසේම උන්වහන්සේ ටිබෙට් ස්වයං පාලන කලාපය චීනයෙන් වෙන් කිරීමට උත්සාහ කරන දේශපාලන නියෝජතයෙක් බවද චීන නියෝජිත පිරිස පැවැසීය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී හූ වෙයි මහතා සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදුටු අවස්ථාවේදී මේ බව පැවැසීය.
දෙරටේ පුද්ගලයින් සහ බෞද්ධ ප්‍රජාවන් අතර සහස්ර ගණනාවක සමීප හුවමාරුව මෙන්ම COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සෑම තරාතිරමකටම චීනයේ ස්ථිර සහයෝගය ලබාදුන් බවත් හූ වෙයි මහතා පැවැසීය.
14 වැනි දලයි ලාමා තුමා "සරල භික්ෂුවක්" නොවන බැවින් ඕනෑම විදේශ රටකට දලයි ලාමා තුමා කුමන නමකින් හෝ පිළිගැනීමට ටිබෙට් ස්වතන්ත්‍ර ප්‍රදේශය ඇතුළු චීනයේ රජය සහ ජනතාව දැඩි ලෙස විරුද්ධ වන බව භාරකාර හූ වෙයි ප්‍රකාශ කළේය..
චීන භාරකාර මණ්ඩලය මහානායක හිමියන්ට දන්වා සිටියේ දලයි ලාමා යුගයේ (1951) ටිබෙටයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් මිලියන 129 ක් පමණක් වූ අතර ආයු අපේක්ෂාව වසර 35.5 ක් බවයි.
කෙසේ වෙතත්චී නයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, ටිබෙට් ජනතාව දැන් සමෘද්ධිමත් ආර්ථිකයක් භුක්ති විඳිමින් සිටින බවත් දළ දේශීය නිෂ්පාදිතය යුවාන් බිලියන 210 (USD බිලියන 31) සහ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 8,000 (ශ්‍රී ලංකාවේ දෙවතාවක් සහ ඉන්දියාව මෙන් 4 වතාවක්) දක්වාත්, සාමාන්‍යයෙන් අවුරුදු 72.19 ක ආයු අපේක්ෂාව වර්ධනය වී ඇති බවයි.
විශේෂයෙන්ම බෞද්ධ ප්‍රජාවන් විසින් "ටිබෙට් නිදහස" ප්‍රවර්ධනය කිරීමට සහ චීන-ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා පළුදු වීමෙන් ආරක්ෂා කර ගැනීමට දලයි ලාමා තුමාගේ ශ්‍රී ලංකා සංචාරය වැළැක්විය යුතු බව හූ වෙයි මහතා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ මල්වතු මහනායක හිමිපාණන් වහන්සේ පැවැසුවේ ශ්‍රී ලංකාව සහ චීනය අතර පැවත එන සමීප මිත්‍රත්වය ඉතා ඉහළින් අගය කළහ.
භික්ෂූන් වහන්සේලා කිහිප නමක් දලයි ලාමාට දිවයිනට පැමිණෙන ලෙස ආරාධනා කිරීමේ රාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ නාහිමියන් අවධාරණය කළේ චීනය ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරා බවයි.
"චීනය සමඟ ඇති අපගේ සබඳතාවලට හානියක් නොවිය යුතුයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා චීනය ලබා දෙන දායකත්වයේ වැදගත්කම රජය ද අවබෝධ කර ගැනීම වඩා හොඳය. චීනයේ අඛණ්ඩ සහයෝගය සහ මානුෂීය ආධාර සඳහා ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සැමවිටම ණයගැතියි." හිමියෝ පැවසූහ.




