දර කැඩීමට ගිය තරුණයන් පිරිසක් අතරින් එක් තරුණයෙකු අග්‍රා ඔයට වැටීමෙන් අද (27දා) සවස ජිවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලිඳුල, සෙන්කුම්බුස් වත්තේ පහළ කොටසේ පදිංචිව සිටි ප්රභාකරන් ගජේන්ද්‍රන් (20) නැමැති තරුණයෙකුය.
තරුණයන් පිරිසක් එකතුව දර කැඩීමට ගොස් ඉන් අනතුරුව ඔවුන් පිරිස වෝල්ට්‍රීම් ප්‍රදේශයේදී අග්‍රා ඔයේ ගලක් මත සිට කුකුල් සෝදමින් සිටියදී එකවරම මෙම තරුණයාගේ පය ලිස්සා ගොස් ජලයට වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
ලිඳුල පොලීසිය හා ප්‍රදේශවාසීන් එකතුව මියගිය තරුණයාගේ සිරුර අග්‍රා ඔයේ ගල් අතර ජලය පිරුණු වළක තිබියදී සොයාගෙන ගොඩට ගෙන තිබේ.
මියගිය තරුණයාගේ සිරුරපශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට යවීමට පොලීසිය පියවර ගෙන තිබිණි.
මේ පිළිබඳව ලිඳුල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.
ශාන් හුලංනුගේ
