සිය දරුවන් දෙදෙනා සමග අද (01දා) දහවල් චන්ද්රිකා වැවට පැන සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කළ මවද මියගොස් තිබේ. මේ අනුව අවුරුදු 5 ක දරුවා හා මව මියගොස් ඇති අතර අවුරුදු 11 පුතා පිහිනා විත් සිය ජීවිතය බේරාගෙන තිබේ.
ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී මව මියගොස් ඇත.32 හැවිරිදි මව එලෙස චන්ද්රිකා වැවට පැන ඇත්තේ සිය 5 හැවිරිදි සහ 11 හැවිරිදි දරුවන් සමගය.
මව සූරියවැව ප්රදේශයේ පදිංචි කාන්තාවක් බවට අනාවරණය වී ඇති අතර ඇය සන්තකයේ තිබී රුපියල් 2,000ක මුදලක් සහ ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.
5 හැවිරිදි නෙතුම් නෙත්මාල් නමැති දරුවාද මෙම අවාසනාවන්ත සිදුවීමේන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කාන්තාව මානසික ආබාධයකින් පෙළෙන බවටද තොරතුරු වාර්තා වී ඇති අතර දරුවන්ගේ පියා හම්බෙගමුව ප්රදේශයේ රැකියාවක නිරතවෙමින් සිටින බව වාර්තා වී ඇත.