දරු දෙදෙනා පාලම මත තබා බෙන්තර ගගට පැන්න මව බේරාගත් සදරුවන් කියන කථාව
"මම බෙන්තර පාලම යට බෝට්ටුවක් උඩ ඉදගෙන දවල් ආහාරය ගනිමින් ඉන්නකොට 'අම්මේ, අම්මේ' කියල පොඩි පුතෙක් පාලම උඩ ඉදන් කෑ ගැහනව ඇහුණා. ගග දිහා බලනකොට කාන්තාවක් ගිලෙමින් ගහගෙන යනවා. මම කැම එක පැත්තකින් තියලා ගගට පැනලා ඇයව බේරගත්තා" යනුවෙන් බේරුවල පාදාගොඩ පදිංචි චතුරංග සදරුවන් පැවසීය.
අවුරුදු එක හමාරක් වයසැති සිගිති දියණිය සහ නව හැවිරිදි පුතු පලම මත තබා බෙන්තර ගගට පැන දිවි නසා ගැනීමට උත්සාහ කල 33 හැවිරිදි මවගේ දිවි බේරා ගැනීමට චතුරංග සමත්විය.
අලුත්ගම රිවර් ඇඩ්වෙන්චර් වෝටර් ස්පෝර්ට් ඇන්ඩ් ඩයිව් සෙන්ටර් හී බෝට්ටු ක්‍රියාකරුවෙක් ලෙසින් සේවය කරන චතුරංග සංචාරකයින්ට බෙන්තර ගගේ සුන්දරත්වය නැරඹීමට අවස්ථාව සලසන අයෙකි.
නැවත හඩ අවධිකල ඔහු සදහන් කලේ තමන් පිහිනා ඇය ළගට යනවිට රළ පහරට හසුව ඇය ජලයට නොපෙනී ගිය බවත්, එක්වරම නැවත උඩට එනවිට අතින් අල්ලා ගොඩට පිහිනා ආ බවත්ය.
අඹුසැමි අතර නිතර නිතර ආරවුල් පැවැත ඇති බවත් බලංගොඩ අධිකරණයේ දික්කසාද නඩුවක් පවතින බවත් පොලිසිය සදහන් කරයි.
දෙදෙනාට සමායෙන් සිටින ලෙස අධිකරණයේ ලබදී ඇති උපදෙස් පරිදි චතුරාණී දරු දෙදෙනා සමග ඌරගස්මංහන්දියට යාමට පැමිණ ඇති අතර , ස්වාමි පුරුෂයා එයට විරෝධය පෑම හේතුවෙන් කම්පාවී ඇය දරු දෙදෙනා පාළම අසල පදික වේදිකාව මත තබා අලුත්ගම දෙස සිට ගාල්ල දෙසට ඇති පළමු පාළමේ වම්පසින් අඩි 40 ක් පමණ උසක සිට ජලයට පැන ඇතැයිද පොලිසිය කීය.
ජලයෙන් ගොඩට ගත් කාන්තාව 1990 සුවසැරියෙන් බෙන්තර ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇයගේ තත්වය තරමක් බරපතළ බැවින් කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කිරීමට නියමිත නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
"පුතේ මම ගගට පැන්නට පස්සේ ඔයා නංගිවත් අරගෙන ගගට පනින්න" යැයි අම්මා කියූ බව නම හැවිරිදි මනූෂ දිනුවන් සදහන් කර ඇතැයිද පැවසේ.
දිවිනසා ගැනීමට උත්සාහ කල කාන්තාවගේ සීයා සහ සොහොයුරකු අද අලුත්ගම පොලිසිට පැමිණ ඇති නමුත් පවතින ආර්ථික අපහසුතාවය හේතුවෙන් දරු දෙදෙනා භාරගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇතැයි ද සදහන් වේ.
දරු දෙදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ලැබෙන උපදෙස් පරිදි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
අලුත්ගම ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්. ප්‍රියන්ක කුමාර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක නිරෝෂනීගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
පානදුර සුමිත් පොතුපිටිය සහ අලුත්ගම තුසිත කුමාර ද සිල්වා


popular news
-
Bandu Abey Monday, 27 February 2023 10:03 AM
Everybody must thank and bless Chaturanga for his selfless action in saving the mentally disturb mother and the two children. There may be thousands of lessons to learn from the brave, selfless and exemplary act. Hope the degraded selfish politicians from very top to the bottom will learn to act unselfishly.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
