නිත්‍යානුකුල බාරකාරත්වයෙන් අපහරනය කර බාලවයස්කාර ( අවුරුදු 13ක )පිරිමි දරුවෙකුට ලිංගික අතවර සිදුකරන ලද චිවරධාරි හිමිනමක්(අවුරුදු 42)රත්නපුර ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත් අඩංගුවට ගෙන රත්නපුර වැඩ බලන මහේස්ත්‍රාත් වසන්ත විරසිංහ මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව මෙම මස 18 වන දිනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරින.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වුයේ රත්නපුර කෙම්පනාවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි අවුරුදු 42 ක්වු හිමිනමකි. පසුගිය හත්වන දින තම ආච්චි සමඟ සායනයට පැමිණ ඇති දරුවා ආච්චිගේ සායන කටයුතු අවසන් වෙනතෙක් එහි රැඳි සිටි අවස්ථාවේ සැකකාර හිමිනම මෙම දරුවාට එනලෙස කථාකර ඇති බවත් පසුව රෝහල් භුමියේ ගාල්කර තිබු ත්රිවිලයක් ඇතුලත වාඩිවෙන ලෙස කියා ශරිරය අතපත ගෑමට ලක්කර ඇතිබව සිදුකරන ලද විමර්ශණයෙන් අනාවරනයවු බව ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
සායනය තුල සිටි දරුවා නොමැති බැවින් ආච්චි විසින් ආරක්ෂක අංශවලට දැන්විමෙන් පසුව සොයා බලන අවස්ථාවේ අවුරුදු 13 ක දරුවා හිමිනම සමඟ ත්රිවිලය තුල සිටියදි හිමි නම රෝහල්පොලිස් බාරයට ගෙන ඇත.
මෙම හිමිනමගෙන් පොලිසිය කල ප්‍රශ්ණ කිරිම් වලදි තමා වකුගඩු සායනයකට ආ බව පවසා ඇති අතර අදාල ලිය කියවිලි පොලිසිය වෙත ඉදිරිපත් කිරිමට අපොහොසත් වි ඇත.
කලක් යුද හමුදාවේ සෙබලකුව සිට පලා ගිය අයෙක් බවත් පසුව චිවරධාරියෙකු ලෙස අදාල විහාරස්ථානයේ සිට මෙයට පෙරද එහිදිද අවුරුදු 14 ක කුඩා සාමණේර හිමිනමකටද බරපතල ලිංගික අතවරයක් සිදු කිරිම නිසාඅධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතවි කොන්දේසි ඇප මත මුදාහැර සිටියදි දෙවන වරටත් ලිංගික අතවරයක් සිදුකර ඇති බව සිදුකරන ලද විමර්ශණයෙන් අනාවරනයවු බව ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
මේ අතර සැකකාර හිමිනම ලඟ තිබු ජංගම දුරකථනය පරික්ෂාවට ලක් කරද්දි දරුවන්ගේ අසභ්‍ය ජායාරෑප සටහන් වි තිබු අතර දුරකථනයද පොලිස් බාරයට ගත් බව පොලිසිය පවසයි.
රත්නපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උ.පො.ප.උත්පලා මහත්මිය විසින් මෙහි විමර්ශණ කටයුතු සිදුකරන ලද අතර රත්නපුර පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උ.පො.ප.ප්‍රදිප් සේනානායක පො.කො.විරසේන(73428) යන නිළධාරින් විසින් අධිකරණ කටයුතු සිදු කරන ලදි
රත්නපුර අධිකරණ ඒ.ජි.වික්‍රමසිංහ