නිපා වෛරසයට ගොදුරු වූ දරුවන් දෙදෙනෙකු රිජ්වේ ආර්යා ලමා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය තුල සංසරණය වන පුවත් සාවද්‍ය බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය වෛද්‍ය ජි විජේසුරිය සඳහන් කරයි.
වෛද්‍යවරයා සඳහන් කරනුයේ මෙම වෛරසයට ගොදුරුවූවා යැයි සැක කෙරෙන කිසිවෙකු මේ දක්වා ලංකාවේ කිසිදු ස්ථානයකින් වාර්තා වී නොමැති බවත් එවැනි වෛරසයක් රට තුලට පැමිණියහොත් ඒ සඳහා කටයුතු කිරීමට සෞඛ්‍ය අංශ සූදානමින් පවතින බවයි.
එම නිසා කිසිදු අවස්ථාවක පවතින රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් තුලට පැමිණිමට කිසිදු බියක් ඇති කර නොගත යුතු බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
- තිසර ගංගාදර