අම්බලන්ගොඩ කුලීගොඩ අප්පලදූව පදේශයේ පාලු නිවසක කාන්තාවක් විසින් දමා ගොස් සිට් දෙහැවිරිදි හා තුන් හැවිරිදි දියණියන් දෙදෙනෙක් ඊයේ (11) රෑ සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මේ දියණියන් දෙදෙනා මෙසේ දමා යන්නට ඇත්තේ ඔවුන්ගේ මව විය හැකි බව ද පොලීසිය කියයි. නම ගම වයසවත් කීමට නොහැකි මේ නොදරුවන් දෙදෙනා කාගේ කවුදැයි යන්න තවම අනාවරණය නොවූ බව ද පොලීසිය කියයි.
දැනට සිය භාරයේ සිටින දරුවන් දෙදෙනා ළමා නිවාසයකට භාරදීම සදහා අධිකරණයේ අවසරය ලබා ගන්නා බවද පොලිසිය කියයි.
මේ නොදරුවන් දෙදෙනා පොලීසියට රැගෙන් ආ අවස්ථාවේ සිට ඔවුනට සුළු මව්වරුන් වෙමින් අම්බලන්ගොඩ ළමා හා කාන්තස් කාර්යාංශයේ නිලධාරිනියන් කටයුතු කරනු දක්නට ලැබුණි. දරුවන්ට කෑම කැවිම පෙවීම ඇතුළු අනෙක් සියළුම අවශයතාවයන් ඉටු කෙරුනේ මේ නිළධාරිනියන් අතිනි.
දරුවන්ගේ දෙමාපියන් සොයා ගැනීමට මහජන සහයෝගය පතන බවත් ඔවුන් සොයා ගෙන නීතිමය පියවර ගන්නා බවත් පොලීසිය කියයි. අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය සුසිල් ප්රියන්ත
