දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකුන්ගුන්යා සහ ඩෙංගු සීග්‍රයෙන් වර්ධනය විය හැකි අවදානමක් පවතින බැවින් එය වළක්වා ගැනීම සඳහා අවධානය යොමු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කළේය.
ඔහු පෙන්වා දුන්නේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගය වැඩි වීමක් දක්නට ලැබෙන බවත් ළමා රෝහල තුළ ඩෙංගු සහ චිකුන්ගන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් ඇතුළත් කර ඇති බවත්ය.
එසේම ගර්භිණී කාන්තාවන්ට , වයස්ගත සහ නිදන්ගත රෝග පවතින අයට චිකුන්ගුන්යා වැලඳුණ හොත් එය අසාධ්‍ය විය හැකි බවත් ගර්භිණී මව්වරුන් විසින් ප්‍රසූත කරනු ලබන දරුවාටද මෙම තත්ත්වය බලපෑ හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.