පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ මහතා තෙල් සංස්ථා සේවකයන් මහරගම උද්ඝෝෂණයට පහරදෙන්න ගිය බවට රටේ සමස්ථ ජනතාව නොමග යැවිමේ අරමුණින් කරන ලද සාවද්‍ය ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් සමස්ථ තෙල් සේවකයන්ගෙන් සමාව ඉල්ලා ගතයුතු බවත් ඛණිජ තෙල් පොදු සේවක සංගමයයේ ලේකම් මනෝජ් විජයවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම දයාසිරි ජයසේකර මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධව බලවත් අප්‍රසාදය හා විරෝධය පල කරන බවද ලේකම්වරයා පවසයි.
එම නිවේදනයේ වැඩිදුරටත් පහත පරිදි සඳහන් වෙයි,
"ඔහුගේ තිඹිරිගෙය වූ එක්සත් ජාතික පක්ෂයේ හැදී වැඩී මජර දේශපාලන සංස්කෘතියෙන් පෝෂණය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පොදු පෙරමුණ ආණ්ඩුවෙත් පසුව පොදුජන පෙරමුණෙත්ය. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා කියන ආකාරයට පහර දීමේ මජර දේශපාලන බයිසිකල් චේන් සංස්කෘතිය හදුන්වාදුන්නේ එක්සත් ජාතික පක්ෂය විසිනි. මෙම සංස්කෘතිය රටපුරා සාමකාමී පුරවැසියන් මර්දනය කිරීම සඳහා නායකත්වය හා මෙහෙයවිම සිදු කර ඇත්තේ මෙතුමන්ලාගේ හිටපු නායකයින් අතුළු ගෝල බාලයන් විසිනි.
මජර දේශපාලන සංස්කෘතිය තුල බිහිවී එහිම පෝෂණය වූ මන්ත්‍රී දයාසිරි ජයසේකරලාගේ මුඛයෙන් මෙවැනි අමිහිරි, අමණ, මුළු රටම පිළිකුල් කරන සාවද්‍ය ප්‍රකාශ මිස මුළු රටටම ඵලදායී මිහිරි ප්‍රකාශන බලාපොරොත්තු විය නොහැකිය. එතුමාට වී ඇත්තේ ගිරව් දෙන්නාගේ සිදුවීම් වැනිය.
අමාත්‍ය උදයගම්මන්පිල මහතාගේ පාලන සමයේ දේශපාලනික උවමනාවන් වෙනුවෙන් මෙහෙයවා පසුව තෙල් සංස්ථාව තුල ස්ථිර නොකොට අතරමන් කළ ගිය දෛනික වැටුප් ලබන සේවක පිරිසක් ස්ථිර කරගැනීමේ අරමුණින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ පාලන අධිකාරිය සමග සාකච්ජා කිරීමට අප වෘත්තීය සමිතියේ නිළධාරීන් මැදිහත් වී ඔවුන් සමග දෙමටගොඩ ප්‍රධාන කාර්යාලයට ගිය බව දන්වා සිටින අතර මෙම සත්ක්‍රියාව දයාසිරි මහතා දැනගෙනම එය බොඳකරලීමේ අරමුණ ඇතිව කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පෙන්වා දෙමු.
නව රජය පත්වීමත් සමගම දායාසිරිලාගේ මජර දේෂපාලන සංස්කෘතියට තිත තබා ඇති බවත් ආයනයට හා රටට ඵලදායී සේවක පිරිසක් ගොඩනැගීමට වෙරදරණ මෙවන් මොහොතක මෙලෙස කරන ලද සාවද්‍ය ප්‍රකාශය වෙනුවෙන් මුළු මහත් තෙල් සේවකයින්ගෙන් හා රටේ ජනතාවගෙන් සමාව ගතයුතු බව නැවත වරක් තරයේ අවධාරනය කර සිටිමු."