දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා පරීක්ෂණයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි 09 දින සිට මිගමුව පොලිස් කොට්ඨාසයට ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව සහ පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුවෙන් දන්වා එවා තිබේ.
මීට වසර එකහමාරකට පමණ ඉහතදී දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස වසන්ත කුමාර මහතා වැඩ භාරගෙන තිබිණි
පසුගිය අරගල සමයේ අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකොට එහි තීන්දුවක් අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා දඹුල්ල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස පත්වීම් ලැබ පැමිණි අයෙකි.
වසන්ත මහතාගෙන් පුරප්පාඩුවන දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ධුරය සඳහා පුඩලුඔය පොලිසියේ ස්ථානාධිපති ලෙස සේවය කල ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා පත් කොට තිබේ.
ඒ අනුව ඔහුට 11 දින දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස නව ධූරයේ වැඩබාර ගැනීමට නියමිතව තිබේ.