දඹුල්ල අනුරාධපුර ප්රධාන මාර්ගයේ දඹුල්ල පොලිස් බල ප්රදේශයට අයත් බුලාගල ප්රදේශයදී ඊයේ (17දා) රාත්රීෙය්දී ධාවනය වෙමින් තිබූ බස් රථයක් එක වරම ගිනි ගැනීම් හේතුවෙන් මගී ජීවිත රැසක් අනුනවයෙන් බේරීමේ පුවතක් වාර්තා වෙයි .
මෙසේ ගිනි ගෙන ඇත්තේ අනුරාධපුර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් බව දඹුල්ල පොලිසිය කියයි .අනුරාධපුරයේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථයේ මගින් දෙදෙනෙකු බැස්සවීම සඳහා දඹුල්ල බුලාගලදී වේගය අඩු කරනවාත් සමග එක වරම බස්ර රථයේ ගින්නක් හටගෙන ඇති බව පොලීසිය පවසයි.
පසුව විනාඩි කිහිපයකින් බස් රථයේ එන්ජින් එක අසලින් ගින්න වැඩිවීමත් සමඟ බස් රථයේ සිටි මගීහු කෑකෝ ගසමින් එළියට පනිනවාත් සමග ප්ර දේශ වාසීන් දැඩි වෙහෙසක් දරා නිවෙස් වල ඇති බට රැගෙනවිත් ජලය යොදමින් බස් රථයේ ගින්න පාලනය කර තිබේ.
ගින්න ඇති වූ ස්ථානයේ නිවසක සිටි විදුහල්පතිවරයෙකු වහාම දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයට ඇමතුමක් ලබාදී එම පිරිස් කඩිනමින් පැමිණ බස් රථයේ ද සිදු වන්නට ගිය විශාල විනාසය වලකා ගෙන තිබීම විශේෂත්වයකි
සිද්ධිය ඇසින් දුටු විදුහල්පතිවරයා කියාසිටියේ එම ස්ථානයේ බස්රථය නවතනවත් සමග විශාල ශබ්දයක් ඇසුණු බවය. එත් සමගම ගිනිදැල් ඉහළට නගින දැක වහාම අවට පිරිස් වෙත කතා කොට තමන් නිවසේ තිබූ බටයකින් බස්රථයට ජලය ගසා ගින්න මැඩ පැවැත්වීමට හැකිවූ බව සඳහන් කළේය.
මෙම බස්රථයේ කාර්මික දෝෂයකින් මෙම ගින්න හටගන්නට ඇතැයි දඹුල්ල බස් ඩිපෝවේ කාර්මික අංශයේ නිලධාරීහු පවසති
ගින්නට හසු වූ බස් රථය දඹුල්ල ඩිපෝවේ ආපදා රථය උපයෝගී කරගෙන දඹුල්ල බස් ඩිපෝවට රැගෙනවිත් ගාල් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.




