දිවයින පුරා එළවළු වෙළඳ සැල් වල තොග සහ සිල්ලර එළවළු මිල ඉහළ යද්දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු මිල විශාල වශයෙන් පහත යමින් පවතින බව ගොවීන්, වෙළෙන්දන් සහ අතරමැදි ව්‍යාපාරිකයෝ පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු අස්වැන්න විශාල වශයෙන් දිවයින පුරා සෑම ප්රදේශයකින්ම ලැබෙමින් පවතින බවත් එයට සාපේක්ෂවව එළවලළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළඳුන්ගේ අඩුවීම හේතුවෙන් එළවලු මිල මෙසේ පහත යමින් පවතින බව වෙළෙනඳුන් වැඩිදුරටත් පෙන්වා දෙ. ඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අද බෝංචි, ලීක්ස්, කැරට් හා ගෝවා ආදී කන්ද උඩරට එළවලු කිලෝව සියයට පනහකටත් වඩා අඩුවෙන් අලෙවි වන බව ඔවුහු පෙන්වා දෙති.
මේ අනව රුපියල් 550 ත් 600 ත් අතර ඉහළ මිලකට අලෙවි වූ බෝංචි කිලෝව රුපියල් 220- 300 ත් අතර මිලකට අලෙවි වන බවත් ලීක්ස් කිලෝවක් රුපියල් 100 අලෙවි වන බව ද ගොවීන් පෙන්වා දෙති.
මාලුමිරිස් වම්බටු හැර අනෙකුත් සෑම එළවළුවක්ම විශාල වශයෙන් පැවැති මිලට වඩා 50% කින් අඩු මුදලකට අලෙවි වන බවද ඔවුන් පෙන්වා දෙන අතර එළවළු විකුණා ගැනීමට නොහැකිව දවස පුරා රැඳී සිට ඉතා අඩු මිල ගණන් යටතේ අලෙවි කොට අලෙවි කිරීම්ට සිදු වී තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දහවල් පැවති එළවළු කිලෝවක තොග මිල (රු)
ගෝවා 160 -180
බෝංචි 220 - 240
ලීක්ස් 100 - 130
කැරට් 220 - 280
බීට්රූට් 55 - 70
තක්කාලි 180 -200
රාබු 50 - 80
නෝකෝල් 120 -150
කැරට් 220 - 280
පිපිඤ්ඤා 50 -70
අර්තාපල් අල 130 -140
වැටකොළු 130 -150
බණ්ඩක්කා 40 - 70
පතෝල 160 -180
කරවිල 250 -280
වට්ටක්කා 120 - 130
වම්බටු 320 - 350
මෑ කරල් 90 - 120
දඹළ 160 -200
අමු මිරිස් 320 -350
මාළු මිරිස් 450 - 500
තක්කාලි 160 -220
ලොකු ලුනු 130 -140
