උත්සව සමය ඇරඹීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් රැගෙන එන එළවලු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන් ගේ විශාල වශයෙන් අඩු වීම හේතුවෙන් එළවළු මිල පහත වැටී අලෙවි නොවන තත්ත්වයකට පත්ව ඇතැයි වෙළෙන්දෝ පවසති.
වෙනත් වසර වල අප්‍රේල් මාසය ආරම්භයේ දී විශාල වශයෙන් එළවලු මිලදී ගැනීම සිදුවන බවත් ආර්ථික මධ්‍යස්ථානය තුල එළවළු මිල යම් මට්ටමකින් ඉහළ අගයක් ගන්නා බවත් වෙළෙන්දෝ පෙන්වා දෙති
යාපනය සහ දිවයිනේ සෑම ප්රදේශයකින්ම විශාල වශයෙන් ගොවීන් අවුරුදු ඉලක්ක කරගෙන වගාකළ එළවළු පලතුරු තොග 01 දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් තිබේ.
මෙම එළවලු තොග මිලදී ගැනීම් සඳහා ඉතා සීමිත වෙළඳුන් ප්‍රමාණයක් පැමිණීම් හේතුවෙන් විශාල වශයෙන් එළවළු මිල පහත වැටී අලෙවි නොවන තත්ත්වයකට පත්ව ඇතැයි ගොවීන් පෙන්වා දෙති.
වීශාල පිරිවැයක් දරමින් එළවළු වගා කොට ඊටත් වඩා වැඩි මුදලක් වියදම් කොට ප්‍රවාහනය කිරීම තෙල් බෙහෙත් පොහොර වැඩි මිල ගණන් යටතේ සපයාගෙන සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන ගොවීන් වගා කළ ද අස්වැන්න අලෙවි නො වීමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ ජනතාව එළවළු මිලදී නොගැනීම බව වෙළෙන්දෝ පෙන්වා දෙති
සාමාන්‍ය ජනතාව අතර මුදල් ගැවසීම ඉතා අඩුවෙන් සිදුවීම නිසා පාරිභෝගික ජනතාවද ඉතාමත්ම සීමිත එළවළු ප්‍රමාණයක් මිලදී ගැනීම සිදුවන බවත් එම හේතුවෙන් එළවළු තොග වෙළෙන්දන්ද ඉතා අඩු ප්‍රමාණයක් එළවලු මිල දී ගැනීම සිදුවන බව වෙළෙන්දෝ කියති'
කෙසේ වෙතත් සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන ගොවීන් වගා කර එළවළු අස්වැන්නට සාධාරණ මිලක් නොලැබුණහොත් ඉදිරියෙන් ගොවීන්ට දැඩි අර්බුදයකට මුහුණ පෑමට සිදුවන බව ගොවීහු පවසති .
