දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල වේගයෙන් පහත වැටීම අලෙවි නොවීම, එළවළවළු තොග ප්‍රමාණවත්ව නොලැබීම ආදී කරුණු හේතුවෙන් ගොවීන් ව්‍යාපාරිකයන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දීවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් පසුගිය කාලයේ එළවළු මිලදී ගැනීම සඳහා පැමිණියද 06 දින එළවළු මිල දී ගැනීමට එන වෙනළෙන්දන් ගේ පැමිණීම 60% කින් පමණ පහත වැටී ඇතැයි වෙළඳ ව්‍යාපාරිකයෝ පවසති.
එළවළු අලෙවි කිරීම සඳහා පැමිණ සිටි බොහෝ ගොවීන් කියා සිටියේ අති විශාල මුදලක් වියදම් කරමින් විශාල ප්‍රවාහන ගාස්තුවක් වියදම් කරමින් තමන් නිෂ්පාදනයය කොට රැගෙන එන එළවළු සඳහා මිලක් නොමැති වීම එළවලළු මිලදී ගැනීමට කෙනෙකු නොමැති වීම බරපතල ප්‍රශ්නයක් වී ඇති බවයි.
සිද්ධිය සම්බම්බන්ධයෙන් රජයේ බලධාරීන් අර්ථික මධ්‍යස්ථාන බලධාරීන් හෝ වගකිව යුතු කිසිදු අංශයක අවධානය යොමුවී නැති බවත් අතරමැදි වෙළෙන්දන් කිහිප දෙනෙකු මෙන්ම ආර්ථික මධ්‍යස්ථානයේ රැඳී සිටින ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු දැඩි උත්සාහයක නිරත වී තමන්ගේ බවබෝග කීයට හෝ අලෙවි සිදුකරන බව ද ගොවීන් පෙන්වා දෙති .
මේ දිනවල ගොවීන්ට සිදුව ඇත්තේ එළවළු මිල දී ගැනීම සඳහා පැමිණෙන සීමිත වෙළඳුන් තබන ලන්සුවකට තමන්ගේ නිෂ්පාදන ලබා දීමට බව ඔවුහු පෙන්වා දෙති.
පසුගිය කාලයේ ඉහළ ගිය පහතරට එළවළු මිල මේ වනවිට වේගයෙන් පහත යමින් පවතින බව ද කැකිරි පිපිඤ්ඤා වට්ටක්කා වැනි එළවළු රුපියල් දහයේ සිට 40 දක්වා වූ කිලෝ එකක තොග මිලක් පවතින බව ද ගොවීන් පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ 6 දින එළවළු කිලෝවක තොග මිල පැවතියේ ඉතා පහත් මට්ටමකට වීම් විශේෂ විශේෂත්වයකි.
ගෝවා කිලෝ එකක් රුපියල් 50 ත් 60 ත්, බොංචි කිලෝව රුපියල් 250ත් 280ත්, ලීක්ස් කිලෝව රුපියල් 60 ත් 70, කැරට් කිලෝව රුපියල් 160ත් 180ත්, තක්කාලි කිලෝවක් රුපියල් 50ත් 60ත්, රාබු කිලෝවක් රුපියල් 20 ත් 30ත්, නෝකෝල් කිලෝව රුපියල් 30 ත් 40 ත්, කැකිරි කිලෝව රුපියල් 10 ත් 25 ත්, පිපිඤ්ඤා රුපියල් 40 ක් 45ත් අතර මිලකට අලෙවි විය.
ආනයනය කරන ලද අර්තාපල් අල කිලෝව රුපියල් 150කට අලෙවි වෙද්දි බණ්ඩක්කා කිලෝවක් රුපියල් 30 ත් 40ත්, වැටකොළු කිලෝවක් රුපියල් 40ත් 50ත්, කරවිල කිලෝවක් රුපියල් 150 කටත් අලෙවි විය.
වට්ටක්කා කිලෝවක තොග මිල රු පියල් 25ත් 35ත්, එළබටු කිලෝවක් රුපියල් 150 කටත් අලෙවිවිය.මෑ කරල් රුපියල් 100 ක මිලක පැවතීම විශේෂත්වයකි.
දෙහි තොග මිල රුපියල් 750 ක් වන අතර මාළු මිරලු මිරිස් කිලෝව රුපියල් 150කට අලෙවි විය. එමෙන්ම අමුමිරිස් කිලෝවක් රුපියල් 400 කට අලෙවෙ වෙද්දී විදේශ රටවලින් ගෙන් ගෙන්වන ලොකු ලූනු කිලෝවක් රුපියල් 175ක් මිල පැවතිණි.
