සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන වගාකල තම එළවළු අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වීම නිසා මෙවර සිංහල අලුත් අවුරුද්ද සිහිනයක් බවට පත්ව ඇතැයි ගොවීහු පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන එළවලු මිලදී ගැනීම සඳහා වෙළෙන්දන් නොමැතිවීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට 06 දින පත්වූ බව ගොවියෝ පෙන්වා දෙති.
වෙනත් වසරවල් හිදී සිංහල අලුත් අවුරුද්ද සඳහා වගාකළ එළවළු සඳහා හොඳ මිලක් ලැබීම නිසා මෙවරද විශාල පිරිවැයක් දරමින් තමන් වගා කළ බවත් එහෙත් අවසානයේදී තම නිෂ්පාදන මිලදී ගැනීම් සඳහා ප්‍රමාණවත් වෙළඳුන් නොපැමිණීම හේතුවෙන් නිෂ්පාදන වියදම හෝ අවම කර ගැනීමට නොහැකි වඑළවළු අලෙවිකර ගැනීමට පවා නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් පවසයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 06 දින වන විට වට්ටක්කා කිලෝවක් රුපියල් 15 ක තොග මිල පැවතිණි, එමෙන්ම බෝංචි කිලෝවක තොග මිලද රුපියල් 60 සිට 80 දක්වාවූ මිල ගණන් යටතේ අලෙවි වීම විශේෂත්වයකි.
අනෙකුත් සෑම එළවළුවක්ම සියයට 70කින් පෙර සතියට වඩා මිල පහත වැටී එළවළු අලෙවි නොවීම බරපතළ ප්‍රශ්නයක් බව ගොවීන්පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථනය තුළ 06 දින උදෑසන වන විට එළවළු කිලෝවක තොග මිල පහත ආකාරයෙන් අලවි සඳහන් කළද එම මිලකට හෝ අලෙවි නොවන බව ගොවීන් පෙන්වා දෙති
කිලෝවක තොග මිල (රුපියල්)
ගෝවා 60 - 70
බෝංචි 60 - 80
කැරට් 70 - 80
තක්කාලි 60 - 80
රාබු 40 - 60
නෝකෝල් 50 - 60
කැකිරි 25 - 30
පිපිඤ්ඤා 10 - 25
අර්තාපල් 110 - 120
වැටකොළු 100 - 130
බණ්ඩක්කා 50 - 70
පතෝල 90 - 120
කරවිල 80 - 100
වට්ටක්කා 15 - 30
වම්බටු 80 - 110
දඹල 60 - 70
මෑකරල් 50 - 60
මාළුමිරිස් 250 - 280
අමුමිරිස් 250 -280
රතුලූනු 250 - 270
ලොකු ලුණු 90 - 95
ඇඹුල් කෙසෙල් 100 120
සීනි කෙසෙල් 90 - 100


