දඹුල්ලේදි මියගිය යුද හමුදා සෙබළාට කොරෝනා ආසාදනය වි නෑ
දඹුල්ල බස් නැවතුම්පොළේ වැසිකිළිය ආසන්නයේ වැටී සිටියදී දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මියගිය ආධුනික යුද හමුදා සෙබළාට කොවිඩ් 19 රෝගය වැළඳී නැති බව වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදිප් දිසානායක මහතා අද ( 05) දින පස්වරුවේ පැවසීය.
මේ මියගිය ආධුනික සෙබළාගේ නියැදි පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු සිරුර දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබිණි.
මහනුවර රෝහල වෙත යවා තිබූ නියැදි ශරීරයේ කොටස් වල පරීක්ෂණ වාර්තාව අද දින සවස 5.45 ට පමණ ලැබුණු බව වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.
ඒ අනුව මියගිය හමුදා සෙබළාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින පස්වරුවේ කඩිනමින් සිදු කොට මරණයට හේතුව සොයා බලා සිරුර යුද හමුදාවට භාර දීමට අවශ්‍ය පියවර ගන්නා බවද වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පල්ලේපොළ ප්‍රදේශයේ පදිංචි මෙම යුද හමුදා සෙබළාගේ ඥාතීන් පොලීසියට පවසා ඇත්තේ තම දරුවාට කලක සිට අසනීප තත්ත්වයක් ද තිබුණු බවය. ඒ අනුව ද වෙනම පරීක්ෂණයක් පවත්වන බව පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කොස්ගම හංවැල්ල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ ගලේවෙල පල්ලේපොළ ප්‍රදේශයේ පදිංචි තුෂාර කුමාර ජයසිංහ නැමති අයෙකු බව පොලීසිය හඳුනාගෙන තිබේ.
දඹුල්ල කාංචන කුමාර ආරියදාස

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

